ඈන් ෆ්‍රෑන්ක්ගේ නිවස අද..

දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ව්‍යාපාරික ස්ථානයක් ලෙසම පවත්වාගෙන ගිය ප්‍රින්සන්ග්‍රාච්ට් 263  නිවස  එක්දහස්  නවසිය පනස් ගනන් වන විට භාවිතයට ගත නොහැකි තත්වයට පත්වන්නට පටන් ගෙන තිබුණි.කඩා ඉවත් කලයුතු බවට නිර්දේශ වූ නිවස රැක ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූ අතර..ඔටෝ ෆ්‍රෑන්ක් හා එක්වූ ඔවුන් ගේ දැඩි කැපවීම නිසාම  කෞතුකාගාරයක් ලෙස සකස් කල නිවස 1960 මැයි 3 වනදා මහජනයා සඳහා විවෘත විය.ඈන් ෆ්‍රෑන්ක් දිනපොතේ ලියු සටහන් සමහරක්, බිත්තිවල ලියා ඇති ප්‍රදර්ශනය ආරම්භ වන්නේ මේ සටහනින් හා ඈන්ගේ අවසන් ඡායාරූප යැයි සැලකෙන  මේ සේයාරූ හතරෙනි.
ඈන් ගේ දින පොතේ මුල් පිටපත සමඟ දෙවන ලෝක යුද්ධයේ සිහිවටන එකතු  කල ප්‍රදර්ශනයක්ද,එකල සිර කඳවුරු වල සිට දිවි ගලවා ගත්තවුන් හා සිදුකල සම්මුඛ පරීක්ෂන කීපයක විඩියෝ පටද එහි  ඇත.
1960 මැයි 03 වනදා කෞතුකාගාරය විවෘත කිරීමට පෙර ඉහල මාලයේ බඩු කාමරයේ      සිටින ඔටෝ ෆ්‍රෑන්ක්.
මේ වගේ ඇලක් අයිනේ තියන ගෙදරක අඳුරු පාට දොරෙන් ඇතුලට ගියාම මේ තරම් ලොකු ඉඩකඩ තියන කාමර ඇති කියලා මෙතෙන්ට එන කෙනෙක් නම් කීයටවත් හිතන්නේ නැතිවෙයි.-ඈන් ෆ්‍රෑන්ක් -1942 ජූලි 09-
ඇය සඳහන් කරන නිවස ඉදිරිපසින් ගලායන ඇල හා නිවසේ දොරකඩ සිට අවට පෙනෙන අයුරු.

ඈන් ෆ්‍රෑන්ක් සිය දින පොතේ ලියා ඇති වසර 80ක් පමණ වූ චෙස්නට් ගස -2010 අගෝස්තු  23 වනදා- කඩා වැටුණා.

 

ප්‍රතිචාර 2 (+add yours?)

  1. chinthaka
    ඔක් 23, 2010 @ 19:51:31

    interesting effort…

    පිළිතුරු සැපයීම

  2. දිනේශ් දීපාල්
    ජූලි 07, 2011 @ 10:57:55

    බොහොම සිත් ඇදගන්නා සුළු බ්ලොග් අඩවියක් වගේම ලිපියත්, එහි පින්තූරත් ආකර්ශනීයයි. ඔබට මගේ සුභ පැතුම්…

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.