ලෝකයෙන් බිදක්
ඈන් ෆ්‍රෑන්ක්ගේ නිවස අද..
දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ව්‍යාපාරික ස්ථානයක් ලෙසම පවත්වාගෙන ගිය ප්‍රින්සන්ග්‍රාච්ට් 263  නිවස   එක්දහස්  නවසිය පනස් ගනන් වන විට භාවිතයට ගත නොහැකි තත්වයට පත්වන්නට පටන්  ගෙන තිබුණි.කඩා ඉවත් කලයුතු බවට නිර්දේශ වූ නිවස රැක ගැනීමට බොහෝ දෙනෙක්  ඉදිරිපත් වූ අතර..ඔටෝ ෆ්‍රෑන්ක් හා එක්වූ ඔවුන් ගේ දැඩි කැපවීම නිසාම  කෞතුකාගාරයක් ලෙස සකස් කල නිවස 1960 මැයි 3 වනදා මහජනයා සඳහා විවෘත විය.ඈන් ෆ්‍රෑන්ක් දිනපොතේ ලියු සටහන් සමහරක්, බිත්තිවල ලියා ඇති ප්‍රදර්ශනය ආරම්භ වන්නේ මේ සටහනින් හා ඈන්ගේ අවසන් ඡායාරූප යැයි සැලකෙන  මේ සේයාරූ හතරෙනි.
ඈන් ගේ දින පොතේ මුල් පිටපත සමඟ දෙවන ලෝක  යුද්ධයේ සිහිවටන එකතු  කල   ප්‍රදර්ශනයක්ද,එකල සිර කඳවුරු වල සිට  දිවි ගලවා  ගත්තවුන් හා සිදුකල  සම්මුඛ  පරීක්ෂන කීපයක විඩියෝ පටද එහි  ඇත.
1960 මැයි 03 වනදා කෞතුකාගාරය විවෘත කිරීමට පෙර ඉහල මාලයේ බඩු කාමරයේ      සිටින ඔටෝ ෆ්‍රෑන්ක්.
මේ වගේ ඇලක් අයිනේ තියන ගෙදරක අඳුරු පාට දොරෙන් ඇතුලට ගියාම මේ  තරම් ලොකු ඉඩකඩ තියන කාමර ඇති කියලා මෙතෙන්ට එන කෙනෙක් නම් කීයටවත් හිතන්නේ  නැතිවෙයි.-ඈන් ෆ්‍රෑන්ක් -1942 ජූලි 09-
ඇය සඳහන් කරන නිවස ඉදිරිපසින් ගලායන ඇල හා නිවසේ දොරකඩ සිට අවට පෙනෙන අයුරු.
ඈන් ෆ්‍රෑන්ක් සිය දින පොතේ ලියා ඇති වසර 80ක් පමණ වූ චෙස්නට් ගස -2010 අගෝස්තු  23 වනදා- කඩා වැටුණා.
අවසානයට පෙර ඇය ගියා…
ඈන් හා මාගෝ දෙදෙනාද බර්ජන් බෙල්සන් කඳවුරේදී ස්ථිර ලෙසම මියගිය බව දැන ගන්නට ලැබීමෙන් ටික දිනකට පසුව ඔටෝ ෆ්‍රෑන්ක් වෙත ආ මියැප්,ඈන් යලි ආ දිනෙක ඇයට දෙන්නට යැයි සිතමින් ඈන් ඇතුලු පිරිස  අත් අඩංගුවට ගත්දා රහස් ඇනෙක්සියේ බිම විසිරී තිබී  තමා නිවසට රැගෙන ගිය ඈන්ගේ දිනපොතට අයත් සියලුම පොත් හා කඩදාසි ඔටෝ ෆ්‍රෑන්ක්ට දුන්නාය.
අපිව අත් අඩංගුවට ගත්තට පස්සේ ජර්මානුවන් අපේ නිවසේ තිබුණු සියලුම ගෘහ භාණ්ඩත් අපේ අනිත් හැමදේමත් අරගෙන ගිහිං තිබුනත්..,කඩදාසි හා පොත් පමණක් ඉතිරි කරලා ගිහිං තිබිලා තියනවා.ඒ අතර තිබුණ ඈන්ගේ දින පොතට අයත් පොත් හා කඩදාසි මියැප් ඇගේ නිවසට අරන් ගිහිල්ලා තිබුනා.
ඈන් ලියූ කිසිවක් මියැප් කියවා තිබුනේ නෑ.ඇය බලාපොරොත්තු සහගතව ඉදලා තියන්නේ මේ සියල්ලම කවදා හරි  ආයෙමත් ආපු දවසක ඈන්ටම දෙන්නයි.
මම ඈන් ලියා තිබූ දේවල් බොහෝම හෙමින් කියවන්න පටන් ගත්තා. එය ඉතාමත් අසීරු කටයුත්තක් උනා.දවසකට පිටු කීපයක් පමණයි මට කියවන්න පුලුවන් උනේ.මොකද ඒ සියල්ලම ඉතාමත්  අවාසනාවන්ත ලෙස මාව වෙලාගන්න වේදනාකාරී මතකයන් වීම නිසා.
අනිත් කාරණය තමා එය රහස් එළිදරව් කිරීමක්.මට අහිමි වෙලා ගිය මගේ දියණිය  ඒ ලියා තිබූන දේ හෙලිදරව් කලේ වෙනස්ම කතාව.
මම කොයිම වෙලාවකවත් කල්පනා නොකල මට කවදාවත් හිතා ගන්නත් බැරි ඇගේ සිතේ තිබුන ගැඹුරු අදහස් හා හැඟීම් වලින් ඒ දිනපොත පිරී තිබුනා. මම හැම වෙලාවකම ඇයට සමීප වෙන්න උත්සාහ කලා…ඒත් ඇගේ සිතේ තිබුන දේවල් ඇත්තටම මම දැන ගෙන ඉදලා නෑ.
ඇය  ඉහල මාලයේ බඩු කාමරයේ කුඩා ජනේලයෙන් දුටුවා යැයි  ලියා ඇති නිල් පාට අහස ,චෙස්නට් ගස හරි අහසේ පියාඹනවා දුටුවැයි ලියා ඇති මුහුදු ලිහිණියන්  ගැන හරි ඇය කවදාවත් නිකමටවත් කතා කරලා තිබුනේ නෑ.පිටිසර සුන්දරත්වය ගැන ඇය උනන්දුයි කියලා නිකමටවත්  ඇය අඟවලාවත් නැහැ.
හරියටම කූඩුවක දාපු කිරිල්ලියක් වගේ  නිහඬව තමන්ගේ සියලු සිතුම් පැතුම් සඟවාගෙනයි ඇය ජීවත් වෙලා තියන්නේ.
ඇය තමන්ගේ අම්මා ගැන ලියලා තිබුණ දේවල් කියෙව්වාම මම ඉතාමත් කම්පනයට වගේම දුකටත් පත් උනා.
මාස කීපයකට පසුව මම වැඩියම ආදරය කල අය නැතුව ගෙවන ජීවිතයට මම හුරු උනා. සැඟව ගිහින් ජීවිත බේරාගෙන තිබුණ මගේ පැරණි යාලුවන් නැවතත් ඇම්ස්ටර්ඩෑම් වෙත පැමිණෙමින් සිටියා.
ඔවුන් ලොකු උනන්දුවක් දැක්වුවා තමන් සැඟවෙලා ගතකරපු ජීවිතයට බෙහෙවින් සමාන අත්දැකීම් ලියවුණු ඈන්ගේ දින පොත කියවා බලන්නට.ඔවුන්ගේ අදහස උනේ ඈන් බලාපොරොත්තු උනා වගේම මේ දින පොත මුද්‍රණය කල යුතු බවයි..
මෙය සාහිත්‍යමය වශයෙන් වගේම ඓතිහාසික වශයෙනුත් වැදගත්  නිසා..මං ළඟ මගේ පෞද්ගලික දෙයක් විදියට තියාගෙන ඉන්නේ නැතුව හැමෝන්ටම අයිති අර්ථාන්විත ලේඛනයක් විය යුතු බවට ඔවුන් මා සමඟ තර්ක කරන්න උනා.
ඒත් මුලදි මට ඒදේ කරන්න කැමති වෙන්න පුලුවන් කමක් තිබුනේ නැහැ.නමුත් ටිකින් ටික මම තේරුම් ගත්තා  ඔවුන් කියනදේ නිවැරදි බව.   -ඔටෝ ෆ්‍රෑන්ක්-
තමාට නිසැක වශයෙන්ම ඉටුකරගත හැකිවේදැයි නොදැන වූවත් ලේඛිකාවක් වෙන්නට  ඈන් ෆ්‍රෑන්ක් තබා තිබූ මහඟු බලාපොරොත්තුව ඉටු කරමින්, තමා ආරම්භ කල කාර්යයේ ඒ සුභදායක අවසානය නොදැකම ඇය ජීවිතයෙන් සමුගෙන ගොස් දෙවසරකට පසුව 1947 ජූනි 25 වනදා නෙදර්ලන්තයේදී ‘රහස් ඇනෙක්සිය’  Het Achter Huis  නමින් ඈන්ගේ දින පොත ප්‍රකාශයට පත් විය.
වින්ඳ දුක් බර වැඩි නිසා…
-1944 සැප්තැම්බර් 05- වෙනිදා,දින දෙකක වෙහසකාරී ගමනකින් පසුව  පාන්දර දෙකට වෙස්ටර්බෝර්ක් [Westerbrok] සිට අවුස්ච්විට්-බීර්කනෝ [Auschwitz-Birkenau] වෙත දහසක් දෙනා රැගෙන ආ  ගවයින් ප්‍රවාහනය කරන දුම්රිය,  දුම්රිය වේදිකාවේ නවත්වන විට,
පිටතින් අපිට මිනිසුන් කථා කරන ශබ්ද ඇහුනා.ඔවුන් දුවන හා මහා හඬින්  කෑගසන ශබ්දත් ඒ අතරම  ඇහුනා.අපිට අවශ්‍ය උනේ වතුර හා පිරිසිදු වාතය.වසා තිබූ දොරවල් හදිසියේම විවෘත උනා.ඒ නිල් හා අලු මිශ්‍ර ඉරි සහිත සිරකරුවන් අඳින වර්ගයේ ඇඳුම් ඇඳ පැතලි තොප්පි පැළඳ සිටී තරුණයින් අතින්.ඔවුන් අතේ විශාල මුගුරක් බැගින් තිබුනා.
‘ඉක්මනින් බැහැපන්, ඉක්මන් කරපන්’ඉක්මන් කරපන්’ ඔවුන් කෑගහන්න පටන් ගත්තා.
දුම්රියෙන් බැහැපු අපි ඉදිරිපිට එක අතකින් කසයකුත්,පසෙකින්  අපි දෙසට උසි ගැන්වූ දඬ බල්ලනුත් සහිතව  හිටියේ ප්‍රකට එස් එස් භටයි.ඉතාමත් විශාල පිරික්සුම් විදුලි පහන් අපි දිහාට යොමුවෙලා තිබුනා. හරියටම  මහ දවාලක වගේ එළියක් තිබුණා.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber/Aan de gaskamer ontstnapt-
ඒ බියකරු උදෑසන දුම්රිය වේදිකාවේදී පළමුවෙන්ම එහි සිටි පිරිස කාන්තාවන් හා පිරිමින් ලෙස  වෙන් කෙරුණු අතර,ඉන් පසුව ඔවුන් සියලු දෙනාවම නාසි වෛද්‍යවරයෙකු  විසින් සෝදිසි කරන බලන ලදී.
නිලධාරියා ඉතාමත් පරීක්ශාකාරීව  පෝලිමේ සිටි අයව තෝරන්න පටන් ගත්තා.තියුණු ඇස් ඇති නිරෝගී පෙනුමෙන් සිටි අයව දකුණු පැත්තට..ඒ කියන්නේ හොඳ පැත්තටත්.. ඔත්පලව සිටි,මලානික ඇස් ඇති අය ,කුඩා දරුවන් හා ඔවුන්ගේ මව්වරුන්,මහලු අය සියලු දෙනාම අනිත් පැත්තටත් බෙදා වෙන් කෙරුණා.ඔවුන් කෙලින්ම යැවුනේ ගෑස් කාමර වෙතයි.-රෝසා ඩී වින්ටර්-ලෙවී -To the gas chamber-
මේ වෙන් කිරීමේදී රහස් නිවසේ සිටි සියලු දෙනා දකුණු පස කොටසට අයත් වුනා. ඒ කියන්නේ හොද පැත්තට.ඒකෙ තේරුම ඔවුන් බලෙන් සේවයේ යොදවන කම්කරුවන් උනා.
නමුත් මව හා දියණියන් දෙදෙනා එක් පසෙකටත්,පියා අනිත් පසටත් යලි කිසි දිනක හමු නොවන ලෙස ඔවුන් වෙන්ව ගියා.
-1944 ඔක්තෝම්බර් මාසයේදී ඈන් හා මාගෝ පමණක් අවුස්ච්විට්-බීර්කනෝ සිට ජර්මනියේ බර්ජන්-බෙල්සන්[Bergen-Belsen]වෙත මාරු කර හරිනු ලැබූ අතර,එය අවුස්ච්විට් මෙන් ඝාතක කඳවුරක් නොව,රඳවා තබා ගැනීමේ කඳවුරක් උනා.
එළඹෙන ශීත සෘතුව සඳහා කිසිදු හව්හරණක් නොමැති කඳවුර තුල පාලනයකින් තොරව රෝග බෝවෙමින් තිබුණු  අතර,ආහාර පිණිස ඉඳහිට පමණක් සිරකරුවන් වෙත ආහාර ස්වල්පයක් ලැබුණි.
ඈනුයි  එයාගේ අක්කයි හොඳටම කෙට්ටු වෙලා,අඳුර ගන්නත් බැරි තරම් වෙනස් වෙලා හිටියා. ඔවුන්ගේ පෙනුම ඉතාමත් කණගාටුදායකයි, කට හඬේ පුංචි ගොතයකුත් එක්ක වෙව්ලීමකුත් දකින්න තිබුණා.
පැහැදිලිවම කිව්වොත්  ටයිපස් උණ රෝගයට ඔවුන් ගොදුරු වී ඇති බවට වූ  ලක්ෂණ  පෙනෙන්නට තිබුණා.
බැරැක්කයේ තිබුණු කරදරකාරීම තැනකයි ඔවුන් වැතිරිලා හිටියේ.බැරැක්කයේ දොර ඇරෙන වැහෙන වාරයක්, වාරයක් පාසා ඔවුන් දොර වසා දමන්නැයි කෑගසමින් ඉල්ලා සිටියා.
සීතල සුළඟට කෙලින්ම නිරාවරණය වෙමින්,උණ රෝගයෙන්ද පෙලෙමින් සිටි ඔවුන්ගේ ගතවෙන දිනයක් දිනයක් පාසා දුර්වල වෙමින් ගිය කට හඬවල් අවසානයේදී නිහඬ උනා…
ෆ්‍රෑන්ක් දැරියන්ගෙන් ඉස්සෙල්ලාම මියගියේ වැඩිමහල් දැරියයි…ඉන් දින කීපයකට පසුව බාල දැරියත් මිය ගියා.-රැචල් වෑන් ඇමරොන්ගන්-ෆ්‍රෑන්ක්ෆූඩර්-[Rachel Van Amerongen-Frankfoorder]
-1945  මාර්තු- මාසයේ දිනකදී මුලින්ම මාගෝත්, ඉන් දින කීපයකට පසුව ඈන් ද බර්ජන් බෙල්සන් කඳවුරේදී මිය ගියාය.ඉන් සති කීපයකට පසුව අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා කඳවුර නිදහස් කර ගන්නා ලදී.
අවාසනාවන්ත අවසානය කරා…
රහස්  නිවසේ සැඟවී සිටි අට දෙනා අතරින් මුලින්ම මරණයට පත්වූයේ හර්මන් වෑන්  පෙල්ස්ය [Hermann Van Pels] ඔක්තෝම්බර මාසයේ මුල හරියේ දිනකදී පෝලන්තයේ  අවුස්ච්විට්ස්-බීර්කනෝ [Auschwitz-Birkenau] කඳවුරේ ගෑස් කාමරයකට යවනු ලදුව  ඔහු මරා දමා තිබුණි.
මට කවදාවත් ඒ මොහොත අමතක කරන්න බැහැ.මමත් දහහත් හැවිරිදි පීටරුත් තෝරාගත්  මිනිසුන් කණ්ඩායමක් ගෑස් කාමර වෙත රැගෙන යන දිහා බලාගෙන හිටියා.ඒ කණ්ඩායමේ  මිනිසුන් අතර පීටර්ගේ තාත්තත් හිටියා අපි දැක්කා.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ඔක්තෝම්බර් මස අවසානයේ දිනක අවුස්ච්විට්ස්-බීර්කනෝ සිට ජර්මනියේ හැම්බර්ග්  [Hamburg] නගරය ආසන්නයේ තිබූ නියුන්ගම් [Neuengamme] කඳවුරට යැවීමට තෝරා  ගත් පිරිසට අයත් වූ ෆ්‍රිට්ස් ෆෙෆර්[Fritz Pfeffer] අධික වෙහෙස නිසා  රෝගීවී-1944 දෙසැම්බර් 20-වනදා එහිදී මිය ගියේය.
1944-45 ශීත සෘතුව පෝලන්තයේ දකුණු දිග ප්‍රදේශ දැඩි සීතලකට මුහුණ දුන්  වකවානුවක් විය. ආහාර අඩු කමිනුත්,සීතලට අවශ්‍ය තරම් ඇඳුම් සපයා ගැනීමට  නොහැකි කමිනුත් පීඩා විදීන්නට සිදුවීමෙන් රෝගීවූ එඩිත් ෆ්‍රෑන්ක්-හෝලැන්ඩර්  [Edith Frank-Hollaender], අවුස්ච්විට්ස් -බිර්කනෝ කඳවුරේදී -1945 ජනවාරි  06- වනදා මිය ගියාය.
අධික උණෙන් පෙලීම නිසා,රෝගී වූවන් සිටින බැරැක්කයක් වෙත රැගෙන යාමෙන් පසුව
මට ඇය නැවතත් කඳවුරු බිමේදී මුණ ගැසුනේ නැහැ.ඒත් මමත් එම බැරැක්කය වෙත ගියා  රෝගී වීම නිසා.දිනක් උදෑසන හදිසියේම  මම ඇයව දුටුවා.එඩිත් නිකම්  හෙවනැල්ලක් වගේ වෙලා හිටියා. ඒත්  ඇත්තටම මම ඇයව අඳුනා ගත්තා .ඇය හිටියේ  වෙනත් වාට්ටුවක.ටික දවසකින් ඇය එහිදී මියගියා.අතිශය වෙහෙසකර ඒ ජීවිතයෙන් ඇය  නිදහස ලැබුවා.-රෝසා ඩී වින්ටර්-ලෙවී-[Rosa de Winter-Levy][The footsteps  of Anne Frank]
ඕගස්ටෙ වෑන් පෙල්ස් [Auguste Van Pels]මහත්මිය -1944 නොවැම්බර් මස අවසානයේදී  අවුස්ච්විට්ස්-බීර්කනෝ  සිට ජර්මනියේ බ්‍රේමන් [Bremen] නගරය ආසන්නයේ තිබූ බර්ජන්-බෙල්සන් [Bergen -Belsen]කඳවුර වෙත යවන ලදී.
එහිදී ඇයට  ඔක්තෝම්බර් මාසයේදී  බර්ජන්-බෙල්සන් වෙත රැගෙන ගිය ඈන් හා මාගෝ යලි  දකින්නට ලැබුණි.
ඉන් මාස කීපයකට පසුව බොහෝ විට පෙබරවාරියේදී  පමණ, ඇය තවත් සිරකරුවන් පිරිසක් සමඟ පලමුව රගුන්[Raguhn]වෙතත් එතැනින් තෙරෙසින්ස්ටාඩ්ට් [Theresienstadt]කඳවුර වෙතත් ගෙන යන්නට තීරණය කෙරුණි.ඇසින් දුටු සාක්ෂියකට අනුව මේ ගමන අතර මඟදී   දුම්රියේ ගාඩ්වරුන්, ගමන් කරන දුම්රියේ ඉදිරිපසට විසි කර කුරිරු ලෙස ඇය  මරා දමන ලදී.
1945 ජනවාරි වන විට රුසියානු හමුදා ඉතා ශක්තිමත් ලෙස සංවිධානය වෙමින්  නොනවතින ඉදිරි මෙහෙයුම් සිදුකරමින් අවුස්ච්විට්ස්- බිර්කනෝ කඳවුර ආසන්නයටම පැමිණ සිටියහ.
කඳවුරේ සිටි නාසි භටයින් තමා සමඟ පිටව යා යුතු යැයි සිරකරුවන්ට බල කරන ලදී.   බොහෝ විට ඔටෝ ෆ්‍රෑන්ක් රෝගී බව පෙන්වමින් රෝගීන් සඳහා වූ  බැරැක්කයක් වෙත ගිය අතර ඔහු, තමා මෙන්ම රෝගී වූවන්ගේ බැරැක්කයට විත්  සැඟවෙන ලෙස පීටර් වෑන් පෙල්ස්ටද [Peter Van Pels]බල කරමින් කියා සිටියේ.
නමුත් පීටර් හොඳටම බය වෙලයි හිටියේ.බොහෝ සිරකරුවන් හිතාගෙන හිටියේ නාසින් සමඟ  යන්නට එකඟ නොවී ඉතිරි වන සියලුම දෙනා ඔවුන් පිටව යන්නට පෙර වෙඩි තබා මරා දමාවි කියලයි. ඉතිං ඔහු තීරණය කලා කඳවුරෙන් පිටව යන්නන් සමඟ ඉතා අසීරුවූ ගමන යන්නට.-ඔටෝ ෆ්‍රෑන්ක්-
ජනවාරි අවසානය වන විට ඒ භයානක ගමන ඕස්ට්‍රියාවේ[Austria] මෞතවුසන් [Mauthausen] කඳවුරෙන් අවසන් කරන්නට  පීටර් සමත්වී තිබුනත්, එම කඳවුර මිත්‍ර හමුදා විසින් මුදාගන්නට දින තුනකට කලින් -1945 මැයි 05- වෙනිදා ඔහු ඉතා අවාසනාවන්ත ලෙස එහිදී මිය ගොස් තිබුණේය.
-1945 ජනවාරි 27-වනදා රුසියානු හමුදා විසින් අවුස්ච්විට්ස්-බිර්කනෝ කඳවුර මුදාගන්නා විට එහි ඉතිරිව සිට දිවි ගලවා ගන්නට සමත්වූ  7650 දෙනා අතරින් එක් අයකු වන්නට ඔටෝ ෆ්‍රෑන්ක් සමත්වී තිබුණි.
ඉන් පසුව ආපසු තම නිවස වෙත එන දීර්ඝ ගමන ඇරඹූ ඔහු ඔඩෙස්සාව හරහා යුක්රේනයටත්, එතනින් ප්‍රංශයටත් පැමිණියේය. එතැන් සිට දුම්රියෙන් ගමන් කල ඔහු  ජූනි 03වනදා තමා අත් අඩංගුවට පත් වීමෙන් මාස දහයකට පසුව යලිත් ඈම්ස්ටර්ඩෑම් වෙත ලඟා වූයේය.
ඒ එන ගමන අතර මඟදී හමුවූ රෝසා ඩී වින්ටර්-ලෙවී[Rosa de Winter-Levy] වෙතින් ලද තොරතුරු අනුව තම බිරිඳ එඩිත් මියගිය බව තිර ලෙසම දැන සිටි ඔහු  දියණියන් දෙදෙනා ජීවතුන් අතර ඇතැයි තරයේ විශ්වාස කලේය.
ජර්මනියේ බර්ජන්-බෙල්සන් වෙත ඔවුන් ගෙන ගිය බව ඔහුට දැන ගන්නට ලැබී තිබුණු අතර එය ඝාතක කඳවුරක් නොවීය.මියැප් හා ඇගේ සැමියා ජෑන් හා එක්වූ ඔටෝ දිනපතාම ඈන් හා මාගෝ පිළිබඳව තොරතුරක් සොයා ගැනීමට බොහෝ වෙහෙස විය.මාස දෙකකට පමණ පසුව,කඳවුර මුදාගන්නට සති කීපයකට පෙර  ඔවුන් දෙදෙනාද බර්ජන්-බෙල්සන් කඳවුරේදී ටයිෆස් උණ සෑදීම නිසා මියගිය බව ඔටෝ ස්ථිර ලෙසම දැන ගත්තේය.
(ඡායාරූප සියල්ලම අන්තර්ජාලයෙන් ලබාගත් ඒවාය.)
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
1940 මැයි 10 වනදා නෙදර්ලන්තය අල්ලා ගැනීමෙන් පසුව එහි සිටි සියලුම යුදෙව්වන් ලියාපදිංචි කල බලධාරින් වසර අවසාන වනවිට රජයේ ආයතන වල සේවය කල යුදෙව්වන් සේවයෙන් පහ කරන ලදී.
1942 මැයි මාසය වනවිට වයස අවුරුදු හයට වැඩි යුදෙව් ජාතිකයන් හැමදෙනාටම ඩේවිඩ්ගේ තරුව නම් වූ කහ පැහැති තරුව තමන්ගේ ඇඳුමේ පලදින ලෙස අණ ලැබී තිබුනි. තමන්ට එරෙහිව පැනවෙන නිතී වැඩි වන බව යුදෙව්වන්ට අවබෝධ වෙමින් තිබුණි.
මේ හැමදේම අතරේ ජීවිතෙත් හෙමින් සැරේ ගෙවිලා ගියා.ජැක් හැම වෙලේම මාත් එක්ක කියන්න පටන් අරගෙන තිබුණා ‘මම මීට පස්සේ මොනවත්ම කරන්නේ නැහැ. මොකද ඒක කරන්න තහනම් දෙයක්ද නැද්ද කියලා මම හරියටම දන්නේ නැති හින්දා.’-1942 ජූලි-
සෙමින් වූවත් තමා වෙත පැමිණෙමින් තිබෙන නතර කල නොහැකි අනතුර වටහාගෙන සිටි ඔටෝ ෆ්‍රෑන්ක් සැඟවී ජීවත් වන්නට  තමාටත් සිදුවිය හැකි  බව අවබෝධ කර ගත්තේය. ඔහු තමාගේ කාර්යාලයේ සේවය කල විශ්වාසය තැබිය හැකි හිතවතුන් වූ මියැප් ගීස් [Miep Gies],බෙප් වොස්කජූල [Bep Voskuijl], ජොහෑනස් ක්ලෙයිමන් [Johannes  Kleiman] හා වික්ටර් කූග්ලර් [Viktor Kugler]ගෙන් ඒ සඳහා තමාට උපකාර කළ හැකිදැයි විමසුවේය.එය කෙතරම් භයානක හා අපහසු කාර්යයක්ද යන වග හොඳින්ම වටහාගෙන සිටිමුත්,සියලු දෙනාම ඒ මොහොතේම ඒ සඳහා ෆ්‍රෑන්ක්ට තම තමන්ට හැකි උපරිමයෙන් උපකාර කරන්නට එකඟ වූහ.
ඒ සඳහා අවැසි කටයුතු සෙමින් සූදානම් වෙමින් තිබූ මොහොතක 1942 ජූනි 29 වනදා සියළුම යුදෙව්වන් ජර්මනියේ කම්කරු කඳවුරු වෙත යවන්නට ජර්මන් බලධාරීන් තීරණය කර ඇතැයි නෙදර්ලන්තයේ සෑම  පුවත් පතක්ම වර්තා කර තිබුණි.බේරී යා හැකි සියලු මං අහුරාලමින් ඒ වනවිටත් ඔවුන් සියළු දෙනාගේම නම හා ලිපිනය ජර්මානුවන් සතුව තිබුණි. කල හැකි එකම දෙය වූයේ සැඟවී යාම පමණකි.
තත්වය තවත් බැරෑරුම් කරමින් ජූලි 05 වනදා යුදෙව් ජාතිකයන් දහසක් එක්තරා ලිපිනයකට කැඳවීමක් ලදහ.මේ පළමු කණ්ඩායමට මාගෝ ලද කැඳවීම් ලිපිය ඔවුන්ගේ තීරණය ඉක්මන් කරන්නට හේතු විය.
මියැප් හවස් වරුවේ ඇවිත් සපත්තු වගයක්,ඇඳුම්,මේස් වගේ දේවල් අරගෙන ගියා.රෑ එකොළහට නැවත වතාවක් සිය සැමියා සමඟ නිවසට ආපු ඇය,අපේ අත්‍යාවශ්‍ය බඩු බාහිරාදිය  තවත් කොටසක් අරගෙන ගියා.-1942 ජූලි 08-
රට තුල නිෂ්පාදිත ආහාර වලින් වැඩි ප්‍රමාණයක් ජර්මනිය වෙත යැවුණු අතර නෙදර්ලන්තය තුල විශාල ආහාර හිඟයක් ඇතිවී තිබුනි.රහස් නිවසේ නිවැසියන් වෙනුවෙන් ආහාර සැපයීම උදව් කරුවන් මුහුණ දුන් ලොකුම ප්‍රශ්නය විය.
කෑම වර්ග හිඟවීම නිසා රජය ඒවා බෙදා දීම පහසුවීමට කූපන් පත් නිකුත් කලේය.කූපන් වලින් මිලදී ගත හැකියමක් සොයා බෙප් හා මියැප් දිනපතා සාප්පු ගියහ.
මියැප් අඩුම තරමින් දිනකට හතර සැරයක්වත් එක  එක තැන් වලින් එළවළු හා අනිකුත් ආහාර මිලදී ගැනීමට වෙළඳ පොලට යනවා.එසේ මිලදී ගන්නා දේ බෑග් ගොඩක දාගෙන ඒවා බයිසිකලේ පිටි පස්සේ බැඳගෙන එන ඇය  හරියට පේන්නේ පිටේ  බඩු ගොඩාක් බැදගෙන යන කොටළුවෙක් වගෙයි.-1943 ජූලි 11-
යුදෙව්වන්ට උපකාර කර අසුවුවහොත් ලැබෙන දැඩි දඬුවම් පවා නොතකා තමන්ට උදව් කරන මේ මිනිසුන් ඈන් මහත්සේ අගය කළාය.
තමන්ගේ ජීවිතයත් අනතුරකට ලක්වෙන බව  දැන දැනම,වෙන කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නයි,වෙන කෙනෙකුට උදව් කරන්නයි හිතන මේ උතුම් මිනිසුන් ගැන ඇත්තටම පුදුම හිතෙනවා.අපට උදව් කරන අය ගැනම හිතුවොත් එයාලගේ හිත් වලට අපි කොයිතරම් බරක්ද,අපි එයාලට කොච්චර කරදරයක්ද කියලා මේ වෙනකන් වචනෙකින් වත් එයාලා අපිට අඟවලාවත් නැහැ.-1944 ජනවාරි 28-
සැඟවී දිවි ගෙවන දරුවන් තිදෙනා වෙනුවෙන් බෙප් ලඝු ලේඛනය පිළිබඳ පාඩම් මාලාවක් ඉල්ලුම් කළාය.
ඔයා බලන්නකෝ ලබන අවුරුද්ද වෙනකොට අපි ලඝු ලේඛනය පිළිබඳව කොයිතරම් හොඳ විශේෂඥයෝ වෙනවද කියලා.මේ වගේ රහස් සංඥා ක්‍රමයකට ලියන්න පුළුවන් වෙන එකම කොච්චර හොඳද..-1942 සැප්තැම්බර් 02-
මියැප් කූග්ලර් දෙන්නා අපි වෙනුවෙන් කොයිතරම් කරදර වෙනවද..ඔවුන් අපිට කොච්චර ආරක්ශාවක් රැකවරණයක් සපයනවද..,මියැප් කරන හැමදේමයි,මිස්ටර් කූග්ලර් අපි අටදෙනා ගැන දරන ලොකූ වගකීමයි කොයි තරම්ද කියනව නම්,හිතේ තියන කලබලයයි, බයයි නිසා සමහර වෙලාවට එයාලට කතා කරගන්නත් බැරිවෙනවා.-1944 මැයි 26-
සැඟවී සිටි අයට පිහිටවූ මිනිසුන් ඒ සඳහා කෙතරම් වෙහෙසවූවාදැයි යන්න අපට දැන ගන්නට ඈන් ලියා ඇති මේ කෙටි සටහන් කීපය පමණක් හොඳින්ම සෑහෙනු ඇත.
අවසානයේ ඇරඹුම
එදින ගෙස්ටාපෝ මූලස්ථානයේ සිර මැදිරියක රඳවාගෙන සිටි රහස් නිවසේ නිවැසියන්  අට දෙනා පසුදින ඇම්ස්ටර්ඩෑම් නගරයේ වීටරින්ෂන්ස් [Weteringschans] හී  පවත්වාගෙන ගිය සිරමැදිරියක රඳවා තැබීම සඳහා රැගෙන යන ලදී.
-1944 අගෝස්තු 08-වනදා සිරමැදිරියෙන් පිටතට ගත් සියලු දෙනාම ඇම්ස්ටර්ඩැම්  නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත ගෙන එන ලදී.සමූල ඝාතනයන් සඳහා විශේෂයෙන්ම  සකස් කර තිබූ ඝාතන කඳවුරු කරා රැගෙන යන තුරු යුදෙව් ජාතිකයින් තාවකාලිකව  රඳවා තැබූ නෙදර්ලන්තයේම  බොහෝ උතුරින් පිහිටි වෙස්ටර්බෝර්ක් [Westerbrok]  අතරමැදි කඳවුර වෙත ඔවුන් රැගෙන යන ගමනට සූදානම් දුම්රිය  ඒ වන විටත්  දුම්රිය වේදිකාව මත විය.
අපි ගියේ සාමාන්‍ය  මගී දුම්රියකින්.දුම්රියේ  දොරවල් යකඩ ඇණ දාලා පාස්සලා  තිබුණා.ඒත් ඇත්තටම ඒක අපිට කොහොමත් ප්‍රශ්නයක් උනේ නෑ.මොකද අපේ මුළු පවුලම   හිටියේ එකට.අපිට කෑම බීම වගේ දේවලුත් දීල තිබුණා.අපි දැනගෙන හිටියා දැනට  අපි මේ කොහෙද ඉන්නේ කියලා.අපිව අත් අඩංගුවට අරගෙන කියන එක  ගැන නොසලකා  හැරියොත් මේ ගමන හරියට අපි පවුලේ ඔක්කෝමත් එක්ක කොහේ හරි යනවා වගේ උනා.  එලෙසින් එකට සිටීමට පුළුවන් වීම ගැන නම් ඇත්තටම අපි ප්‍රීතිමත්ව  හිටියා.නමුත් මම මේ ගමන සන්සංදනය කලේ අපට  ඊලඟට යන්න සිදුවුන ගමනත් එක්කයි.
ඈන් කොයිම වෙලාවකවත් ජනේලය ළඟින් අයින් වෙන්න කැමති උනේ නැහැ.පිටත සොඳුරු   ගිම්හානය. කොළ පැහැති තණ බිම්,පෙනෙන තෙක් මානයේ වූ ඉපනැලි බිම්,ගම්මාන අපිට  පසුවෙනවා අපි දැක්කා.ඒ යන ගමනේදී නිරන්තරයෙන්ම දුම්රියේ ජනේලයෙන් පෙනුණ ඉහල  පහල ගිය  දුරකතන රැහැන් හරියටම නිදහස වගෙයි. -ඔටෝ ෆ්‍රෑන්ක්-The footsteps  of Anne Frank-
කැඳවීම් නොතීසි වලට නොපැමිණ සිටි අය ලෙස ගනන් ගැනුණු බැවින් ඔවුන්  සියල්ලන්ම යැවුනේ සිරකුටි වෙතයි.සැප්තැම්බර් 03 වනදා වෙනතුරු මාසයකට ආසන්න  කාලයක් ඔවුන් ජීවත් වූයේ එම සිරකුටි තුලය.
-1944 සැප්තැම්බර් 03 -වනදා ඔවුන් අටදෙනා සමඟ තවත් සිරකරුවන් දහසක්  වෙස්ටර්බොර්ක් අතරමැදි කඳවුරේ සිට පෝලන්තයේ අවුස්ච්විට්-බීර්කනෝ  [Auschwitz-Birkenau] සමූල ඝාතන කඳවුර වෙත  යැවුණු අවසාන දුම්රියෙන් පිටත්  කර හරින ලදී.
ඔටෝ ෆ්‍රෑන්ක් ඇතුළු පවුලේ සිව් දෙනා සැප්තැම්බර් 03 වනදා එලෙස  අවුස්ච්විට්-බීර්කනෝ  කරා පිටත් කර හැරි බවට සඳහන් නාම ලේඛනය.(අංක 306 සිට  309)
දින දෙකක අතිශය වෙහෙසකර ගමනකින් පසුව -1944 සැප්තැම්බර් 05 වෙනිදා පාන්දර 2.00ට අවුස්ච්විට්-බීර්කනෝ වෙත පැමිණි  ඔවුන්ව දුම්රිය වේදිකාවේදීම තේරීමකට ලක් කෙරුණි. වැඩ කල හැකි,ශක්තිමත් අයට ජීවත් වීමට ලැබුණු අතර ,වයස අවුරුදු පහළවට අඩු ළමුන් ඇතුළු අනිත් සියළුම දෙනා පසුදිනම ගෑස් කාමර වලට යවනු ලැබ මරා දැමුණි. වයස අවුරුදු පහළව පසුකර තිබුණු නිසා ඈන් එදින යාන්තමින් ජීවිතය රැකගන්නට සමත් වූවාය.
කඳවුරේ තත්වය ඉතා අවාසනාවන්ත විය. සිරකරුවන්ට ආහාර සුලභ නොවූ අතර,ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නටත්  කිසිදු හැකියාවක් නොතිබුණි.දහවල් කාලය පුරා වෙහෙසී වැඩ කරන්නට සිදුවූ අතර,කුසගින්නෙන් හා ලෙඩ රෝග වලට ගොදුරු වීමෙන් දිනපතාම දහස් ගනනක් මිය ගියහ.ඊට අමතරව තෝරා ගැනුණු කණ්ඩායම් ගෑස් කාමර වෙත යවා මරා දැමුණි.ජීවිතය රැකගැනීම පිළිබඳව කිසිවෙකුට විශ්වාසයක් නොතිබුණි. හැම දවසක්ම අවසාන දවස විය හැකිව තිබුණි.
ඔවුන්ගේ උදව් කරුවන් වූ ජොහෑනස් ක්ලෙයිමන් [Johannes  Kleiman] හා වික්ටර් කූග්ලර් [Viktor Kugler] දෙදෙනා  සැප්තැම්බර් 11 වනදා ඇම්ස්ටර්ඩෑම් හී සිට අමර්ස්ෆූර්ට්[Amersfoort]දේශපාලන සිරකඳවුර වෙත යැවුණු අතර  ජොහෑනස් ක්ලෙයිමන් ගේ දුර්වල සෞඛ්‍ය තත්වය මත  -1944 සැප්තැම්බර් 18- වෙනිදා ඔහුව කඳවුරෙන් නිදහස් කරගන්නට රතුකුරුස සංගමය සමත් විය.-1945 මාර්තු 28-වනදා කණ්ඩායම් පරීක්ශා කිරීමක් අතරතුරදී කදවුරෙන් පලා යන්නට සමත් වන වික්ටර් කූග්ලර් යුද්ධය අවසන් වන තුරු සැඟවී සිට ජීවිතය රැකගන්නට සමත් විය.
මේ සේයාරූ දෙක  අන්තර් ජාලයෙන් ලබාගත් ඒවාය.
1944 අගෝස්තු 04
ගිම්හානයේ ඒ සොඳුරු උදෑසන කෙමෙන් මධ්‍යහනය බවට පෙරලෙමින් තිබුණි. ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 නිවස සුපුරුදු නිසල බවේ ගිලී තිබෙන්නට ඇත.පහල කාර්යාලයේ සියල්ලන්ම  දවසේ කටයුතු අරඹා තිබුණි.
ඔටෝ ෆ්‍රැන්ක් පීටර්ගේ කාමරයට  ගියේ වෙනදා මෙන්ම ඉංග්‍රීසි පාඩම කියාදීමටය.වෙලාව උදෑසන 10.30වී තිබුණි.එක්වරම පැමිණි අඳුරු පාට මෝටර් රථ තුනක් ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 නිවසේ දොරකඩ නැවැත්වූ අතර,එස් එස් නිලධාරියෙකු වූ කාල් සිල්බර්බෝර් [Karl Josef Silberbauer]ඇතුළු තවත් නෙදර්ලන්ත පොලිස් නිලධාරින් තිදෙනෙකු මොහොතකින් ප්‍රධාන කාර්යාලයට කඩා වැදුනහ.මියැප්,බෙප්,ජොහැනස් මෙන්ම වික්ටර් කුග්ලර්ද කාර්යාලය තුල විය.
වසර දෙකකටත් වඩා රැකගෙන සිටි රහස හෙළිවි ඇති බව සියල්ලන්ටම වැටහී යන්නට විය.අවාසනාවන්ත පාවාදීම සිදුව තිබුණි.පැමිණියවුන් සියල්ල දැන සිටියහ.රහස් දොර වෙත ඔවුන් ගෙන යන්නට වික්ටර් කුග්ලර්ට සිදුවිය.
පොත් රාක්කය ඉවතට තල්ලු කරමින් නිවස වෙත පිවිසෙන ඔවුන්ගේ හඬ පීටර්ට ඇසුණි
ඇසිල්ලක් ගත වෙන්නටත් පෙර නාසි භටයකු කාමරයේ දොර විවෘත කරමින් එයට ඇතුළු විය ඔටෝට හා පීටර්ටත් පහල ප්‍රධාන කාමරයට යන්නට අණ ලැබුණි.නිවසේ සිටි අනිත් අය ඒ වන විටත්  කාමරයට රැගෙන විත් තිබුණි.
අන් සියලු තන්හීදී මෙන්ම මෙතැනදීද මුලින්ම කෙරුණු ඉල්ලීම වූයේ  මුදල් හා ස්වර්ණාභරන ඇත්තේ කොහේද යන්නයි.අල්මාරියේ සඟවා තිබූ මුදල් සමඟ ඈන් ගේ දින පොත තබා තිබූ බ්‍රීෆ් කේසයත් එළියට ගත් නිලධාරියා ඒ තුළ තිබූ කඩදාසි සියල්ල  බිමට හලා   මුදල් හා ආභරණ ඒ තුලට දැමුවේය.
වසර දෙකකටත් වඩා නිවැසියන් මෙහි සැඟව සිටි බව කාල් විශ්වාස නොකල අතර ඈන්ගේ කාමරයට පිවිසෙන දොර අසල බිත්තියේ,දියණියන්ගේ උස සළකුණු කරමින් ඇඳි සටහන පියා ඔහුට පෙන්වූවිට ඔහු නිහඬ විය.
ඇඳුම් කීපයක් පමණක් රැගෙන යන්නට අත්  අඩංගුවට පත්වූවන්ට අවසර ලැබුණි.ආවරණය කරන ලද රථයකට නංවාගත් නිවැසියන් අටදෙනා සමඟ වික්ටර් කුග්ලර් හා ජොහෑනස් ක්ලෙයිමන්ද ඇම්ස්ටර්ඩෑම් හී පිහිටි ජර්මන් ආරක්ශක පොලීසියේ මූලස්ථානය ‘ගෙස්ටාපෝ’ වෙත ගෙන යන ලදී.සැඟව ඇති තවත් යුදෙව් ජාතිකයන් පිළිබඳව දන්නේ දැයි සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කෙරුණු අතර ඔවුන් කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත.
එස් එස් භටයින් නැවතත් පැමිණෙනු ඇතැයිද,තමන්වද අත් අඩංගුවට ගනු ඇතැයිද බෙප් හා මියැප් බියෙන් පසූවූවත් පොලීසිය නැවත නිවසට ආවේ නැත.බොහෝ වේලා බලා සිටීමෙන් අනතුරුව ජෑන් ගීස්ද සමඟ කර්යාලයේ සිට නිවසට ඇතුළුවූ ඔවුන් දුටුවේ නිවස මුළු මනින්ම අවුල් කර ඇති බවකි.ඈන්ගේ දින පොත් කීපය හා ඇය ලියූ කඩදාසි පියාගේ කාමරයේ  බිම විසිරී තිබූ අතර  කවදා හෝ යලි පැමිණි දිනෙක ඇය අතට දෙන්නට යැයි සිතා ඒවා එකතු කරගත් මියැප් ගීස්  සියල්ල  තමාගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා අඟුළු දැමුවාය.
පාවාදීම සිදුකලේ කවුරුන්ද..??
යුද්ධය අවසන් වී කෙටි කලකින් ඔටෝ ෆ්‍රෑන්ක් හා උදව්කරුවන්ගේ ඉල්ලීම  මත රහස් නිවසේ නිවැසියන් පාවාදීම සිදු කලේ කවුද යන්න සොයා බැලුනු අතර, ඔවුන්ගේ සැකය යොමුවී තිබුනේ කාර්යාලයේ සේවය කල විලෙම් වෑන් මාරන් [Willem Van Maaren]වෙතටයි.ඔහු අවස්ථා ගණනාවකදීම සවස් වරුවේ කාර්යාලය වසා දැමුණු විට කවුරුන් හෝ ඒ තුලට පිවිසේදැයි සොයා ගැනීමට විවධ උපක්‍රම යොදා තිබුණු බැව් හෙලිවී තිබුණි.
මේ පරීක්ශන 1948 සිට 1963 දක්වාම සිදු කෙරුණු අතර 1963දී ඔවුන් අත්අඩංගුවට ගත් එස් එස් නිලධාරියා වූ කාල් ජෝසෆ් සිල්බර්බෝර් තමා ප්‍රින්සෙන්ග්‍රාන්ච්ට් නිවැසියන් අත්අඩංගුවට ගැනීම සිදුකලේ උදෑසනම පොලීසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් නිසා යැයි හෙළි කරන ලදී.මේ නිර්නාමික දුරකථන ඇමතුම ලබාදුන්නේ කවුරුන්ද යන්න තවමත් රහසක්ව පවතී.
නිවැසියන් අත්අඩංගුවට ගත් එස් එස් නිලධාරියා
-කාල් ජෝසෆ් සිල්බර්බෝර්-
නෙදර්ලන්ත යුද වාර්ථා එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ඇති,පොලීසියට ලැබුණු එවන් එක් නිර්නාමික  පාවාදීමේ සටහනක්.
ඈන් ෆ්‍රෑන්ක් නම් ලේඛිකාව
තමන්ගේ ඡායාරූපයක් දිනපොතේ ඇලවූ ඇය,තමන්ගේ බලාපොරොත්තු පිළිබඳව මෙසේ සිහින මවන්නීය.
මේ තමයි මම හැම වෙලාවෙම මාව අනිත් අයට පේනවට කැමතිම විදියේ එක පින්තූරයක්. එහෙම උනොත් මම හිතාගෙන ඉන්න විදියට මට හොලිවුඩ් යන්න චාන්ස් එකක් හම්බවේවි. ඒත් දැන් මම මීට වඩා ගොඩාක් වෙනස් වෙලා කියලා මට හිතෙන හින්දා මට බයයි.-1942 ඔක්තෝම්බර් 18-
අපි දැන් පුංචි මී පැටව් වගේ හරිම නිහඬයි.මීට මාස තුනකට කලින් ඇත්තටම කවුරුත් නිකමටවත්  හිතුවේ නැතුව ඇති හැම වෙලාවෙම වෙනස් උන ඈන්ට පැය ගාණක් මේ වගේ එක තැනකට වෙලා වාඩිවෙලා,සද්දයක් වත් නොකර ඉන්න වෙයි කියලා.ඒ තියා එයාට එහෙම ඉන්න පුළුවන් වෙයි කියලාවත්…කවුරුවත් හිතුවද?? -1942 ඔක්තෝම්බර් 01-
ලොකු මිනිස්සු පුංචිම පුංචි දේවල් ගැන මේ විදියට හරිම ලේසියෙන් රණ්ඩු කරගන්නවා ඇති කියලා  මීට කලින් කවදාවත්ම මම හිතලා තිබුනේ නැහැ.මම හිතුවේ හැම වෙලාවේම රණ්ඩු වෙන එක පුංචි අයගේ සිරිතක් කියලයි.-1942 සැප්තැම්බර් 28-
තමන්ට තමා ගැනම හා අනිත් අය ගැන  සිතෙන,වෙන කෙනෙකු හා කියන්නට ඇය අකමැතිවූ මෙවන් සිතුවිලි නිර්ලෝභීව ඇය දින පොතේ සටහන් කළාය.
ඈන් ලිවිම ඇරඹූ බොහෝ දෙනෙකු දන්නා රතු හා සුදු පැහැති කොටු වැටුණු පිටකවරයක් සහිත මේ දිනපොත -1942 දෙසැම්බර් 05-වනදා වනවිට අවසන් විය.
ඉන් පසුව සිය පියාගෙන් හා සොයුරියගෙන් ලද පොත් වල ඇය කිටි අමතමින් දිගටම සිය දිනපොත ලිවීම කරගෙන ගියාය.නමුත් ඒ පොත් අතරින් මුලින් ඇය ලිවූ ඒවාගෙන් ඉතිරිව තිබී හමුවී ඇත්තේ පොත් දෙකක් පමණි.ඒ 1943 දෙසැම්බර් 22-දා සිට -1944 අගෝස්තු 1- වනදා තෙක් ලියූ සටහන් සහිත පොත් දෙකයි.[අංක දෙක ලෙස නම් කර ඇති පොත් දෙක]
-1944 මාර්තු 28- වනදා ලන්ඩනයේ සිට විකාශනය වන රේඩියෝ ඔරේන්ජ්[Radio Oranje] ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශයකදී නෙදර්ලන්තයේ අධ්‍යාපන, කලා හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමති ගෙරිට් බෝල්කස්ටයින්[Gerrit Bolkestein] ප්‍රකාශයක් කරමින්  යුද්ධයෙන් පසුව ඒ පිළිබඳව ලියැවුනු දිනපොත් හා ලිපි එකතු කරන බව  කියා සිටියේය.
මෙය ඇසුණු ඈන්ගේ සිතේ කාලයක සිට තිබුණු මහත් වූ සිහින බලාපොරොත්තුවකට යලි පණ ලැබුණි.
‘රහස් ඇනෙක්සියේ කථාව’ කියලා පොතක් පළ කලොත් කොහොම හිටියිද කියලා නිකමට හිතන්නකෝ.-1944 මාර්තු 29-
මේ ප්‍රවෘත්තිය ඇසීමෙන් පසුව තමාගේ දින පොතත් එසේ ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් ඇය යලිත් අලුතෙන්ම පිටපත් කිරීම ඇරඹුවාය. කාර්යාලයෙන් ලබාගත් වර්ණවත් ෆුල්ස්කැප් කොළවල පැරණි දිනපොතට අලුතෙන් කරුණු එකතු කරමින්ද,සමහර කරුණු පරිච්ඡේදයන් පිටින්ම ඉවත් කරමින්ද යලි ලිවුවාය .
1942 දෙසැම්බර් 6 -වනදා සිට -1943 දෙසැම්බර් 21-වනදා දක්වාවූ වසරකුත් දින 15 කාලයක් ඇය ලියූ සටහන් ඉතිරිව ඇත්තේ මුලින් තමා ලියූ සටහන් නැවතත් සකසමින් ඇය ලියූ මේ පිටපත පමණි.
පුවත් පත් කලාවේදිනියක් වෙන්න මගේ හිතේ තියන ආසාවත්, ඊට පස්සේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වෙන්න මගේ තියන බලාපොරොත්තුවත්  ඉෂ්ට වෙයිද කියන්න මම දන්නේ නැහැ.කොහොම උනත් යුද්ධයෙන් පස්සේ ‘රහස් ඇනෙක්සිය’ [Het Achterhuis/The Secret Annexe] කියලා පොතක් පළ කරන්න මට ඕනේ.මේ දින පොත ඒකට මට ලොකු උදව්වක් වේවි.-1944 මැයි 11-
ඉතාමත් උනන්දුවෙන් මේ කටයුත්ත කරගෙන ගියද සමහර වෙලාවලදී ඇය තමා ගැනම සැක පහළ කර ගත්තාය.
අද නම් කිටී මට හිතෙනවා ඇත්තටම මගේ ඔලුව හොඳ නැද්ද කියලා.මේ ලියන දේවල් වල කිසිම පිළිවෙලක් නෑ වගේ. ඇත්තටම කවදා හරි කවුරු හරි මම මේ ලියන ඒවා කියවන්න උනන්දුවෙයිද කියලත් මට සැක හිතෙනවා.- 1944 අප්‍රේල් 14-
කෙසේ වූවත් ඇය තමා ලියූ මේ සියලු සටහන් පියාගෙන්  ලබාගත් හම් බ්‍රීෆ් කේසයක සුරක්ෂිතව තබා තිබුනාය.
කිටී මම හැමදාමත් ඔයාට කියනවනේ මට තියන්නේ දෙබිඩි ජීවිතයක්.එක පැත්තකින් මම හරිම උද්‍යෝගිමත්,ඒ වගේම  හරිම කටකාරයි,හැම වෙලාවේම සතුටින් ඉන්න බලනවා, ඕනේම දෙයක් සැහැල්ලුවෙන් බාර ගන්නවා.මේ  නිසාම  මගේ හොඳ ගතිගුණ කාටවත්ම නොපෙනෙන එක ගැනත් මම ඇත්තටම දුක් වෙනවා.විශේෂයෙන්ම වැඩිහිටියන් මාව ගනන් නොගන්න එක මගේ හිත ඇත්තටම රිදවනවා.-1944 අගෝස්තු 01-
ඈන් මෙලෙසින් සිය දින පොතේ අවසන් සටහන යෙදුවාය.
ඈන් ෆ්‍රෑන්ක්ගේ පුංචි ලෝකය
දෙමාපියන්ගේ කාමරයට යාබද කුඩා කාමරයේ ඉඩකඩ මුලින්  මාගෝ සමඟත්,සිව් මසකට පසුව ෆ්‍රිට්ස්z ෆෙෆර් සමඟත් බෙදා ගන්නට ඈන්ට සිදුවිය.
අපේ පුංචි කාමරය ඉස්සර වෙලාම නම් කිසිම ලස්සනක් නැතිව හිස් බිත්තිය විතරයි තිබුනේ.ඒත් තාත්තා මගේ චිත්‍රපටි නළු නිළියන්ගේ පින්තූර එකතුවයි,පින්තූර පෝස්ට් කාඩ් ටිකයි,ගම් බෝතලෙයි,බ්‍රෂ් එකයි කලින්ම මෙහාට ගෙනල්ලා තිබුන නිසා ඒවා අලවලා මුළු බිත්තියම ලොකූ පින්තූරයක් කරන්න මට පුළුවන් උනා. ඒක නිසා දැන් කාමරය තිබුනට වඩා ගොඩාක් ප්‍රීතිමත්ව පේනවා.-1942 ජූලි 11-
අපි හැම වෙලාවෙම හිතුවා මෙහෙ තව කෙනෙකුට ඉන්න ඉඩයි, ඇතිවෙන්න කෑමයි  තියනව කියලා. ඒත්, මිස්ටර් ක්ලෙයිමන්ටයි,කූග්ලර්ටයි තවත් කරදර කරන්න අපිට  පුළුවන් කමක් තිබුනේ නැහැ. යුදෙව්වන්ට වෙන කරදර දවසින් දවස වැඩිවෙන බව අපට  අහන්න ලැබෙද්දින් තාත්තා ඒ දෙන්නත් එක්ක මේ ගැන කතා කලා.’හත් දෙනෙක්  හිටියත් අට දෙනෙක් හිටියත් මේ වැඩේ කොහොමත් අනතුරුදායකයිනේ..’ඔවුන් තමන්ගේ  කැමැත්ත පලකලේ එහෙම කියමින්.-1942 නොවැම්බර් 10-
තමාගේ කාමරය වෙන කෙනෙකු හා බෙදා ගන්නට මුලින් ඇය ඉතා සතුටින් ඉදිරිපත් වූවාය.
ඉන් සතියකට පසුව නිවස වෙත ආ ෆ්‍රිට්ස්z ෆෙෆර් පිටත ලෝකය ගැන ගෙනා තොරතුරු ඈන් මහත් කම්පනයකට පත් කළාය.
යාළුවොයි,අඳුරන අයයි වැඩි දෙනෙක් මරණය කරාවූ දරුණු ඉරණමකට ලක්වෙලා තිබුනා.  අනේ ඒ ඔක්කෝම වධ හිංසාවන්ට ඔවුන් ගොදුරු උනේ යුදෙව්වන් උන නිසා  විතරයි.-1942 නොවැම්බර් 19-
එහෙත් වැඩි කල් නොයාම ඈන් ඔහු නොරුස්සන්නට විය .තමාගේ කුඩා මේසය දවසින්  වැඩි වේලාවක් තම කටයුතු සඳහා වෙන් කරගත් ෆ්‍රිට්ස්z ෆෙෆර්  හා ඇය නිරතුරුව  වාදයට ගියාය.ගැටුම් ඇරඹුනේ එතැණිනි.
ආ දැන් එයා එයාගේ වහගෙන හිටපු නියම පාට පෙන්නන්න පටන් අරගෙන.මගේ මේ පුංචි  කාමරේ උතුමාණන් එක්ක බෙදා ගන්න හිතපු එකටයි,තරුණ තුන්දෙනාගෙන් වැඩියම නරක  මම කියලා හැම වෙලාවෙම කාටත් වගේ පේන්න තියන හින්දයි,කොහොමටත් නොවරදවාම   අහලා පුරුදු බැනුම් වලින් බේරෙන්න මට කරන්න තියන්නේ..ඒවා ඇහුනේ නෑ වගේ ඉන්න  එක විතරයි.-1942 නොවැම්බර් 28-
1944 අගෝස්තු 4 වනදා නිවසේ සිටි  සියල්ලන් අත්අඩංගුවට පත්වීමෙන් පසු,එහි තිබූ සියලුම දෑ එස් එස් භටයින් විසින් ඉවත් කල  අතර, මියැප් ගීස් ගේ හා ඔටෝ ෆ්‍රෑන්ක්ගේ අනු දැනුම මත දෙවන ලෝක යුද්ධයෙන් පසුව පෙර තිබූ පරිදි තාවකාලිකව යලි සකස් කල  ඇගේ කාමරය.
නමුත් කෞතුකාගාරය විවෘත කිරීමේදී  සියලු කාමර කිසිදු ගෘහ භාණ්ඩයක් නොමැතිව හිස්ව තබන්නැයි, ඔටෝ ෆ්‍රෑන්ක් කල ඉල්ලීමට අනුව අද මේ කාමරයත් මෙලෙස හිස්ව පවතී.
ඇය සිය කාමරයේ බිත්තියේ ඇලවූ තවමත් සුරක්ෂිත පින්තූර
එන්න යන්නට රහස් නිවසට…
අර දොරෙන් ඇතුලට ආපු ගමන් අට්ටාලයට නගින පඩිපෙලත් එක්කම තියන අඳුරු පාට දොර ඇරෙන්නේ ෆ්‍රෑන්ක් පවුලේ නිදන කාමරයටයි.
මුලින්ම එහි සිටියේ ඈන්ගේ දෙමාපියන් පමණක් වූවත් මාස හතරකට පසුව නොවැම්බර්  මාසයේදී  ෆ්‍රිට්ස්z ෆෙෆර් [Fritz Pfeffer]රහස් නිවසට පැමිණීමෙන් පසුව  මාගෝද මේ කාමරයට නිදන්නට පැමිණියාය.
ජනේලයේ වීදුරු කළු කල මේ අඳුරු කාමරයේ  1944 ජූනි 6දා මිත්‍ර හමුදා  නෝමැංඩිය ආක්‍රමනය කරමින් සිදුකල  ගොඩ බැසීම ගුවන් විදුලියෙන් ඇසූ වේලේ  ඈන්ගේ පියා ඔටෝ ෆ්‍රැන්ක් බිත්තියේ ගැසූ මේ සිතියම තවමත් සුරැකිව ඇත.
බොහෝ කාලයක් සිදුවනු ඇතැයි  බලා සිටි ආක්‍රමනය සිදුවී ඇත.දිනපතා ගුවන්  විදුලියෙන් ඇසුණු තොරතුරු වලට  අනුව මිත්‍ර හමුදා දිනෙන් දින ඉදිරියට ඇදෙන  නගර මත පාට ඇණ ගසමින් ඔවුහු නැවත වරක් ජීවිතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු  දල්වා ගන්නට ඇත.මේ ප්‍රවෘත්තිය ඇසූ ඈන්  බොහෝ සතුටට පත් වූවාය.
අපේ ගෙදර ලොකූ කලබලයක්.මෙච්චර කල් වෙයි කියලා බලා ගෙන හිටපුදේ සිදුවීම  ඇරඹිලා.මේ සිදුවීම් වල අවසානය ඇත්තටම සුරංගනා කතාවක් වගේ වෙයි.ආදරණීය කිටී  ඔයාට තේරෙන්නේ නෑ, යාළුවෝ ලඟ ලඟම එනවා කියන නිදහස පිළිබඳ හැඟීම කොයි තරම්  සුන්දරයිද කියනව නම් මගේ හිත සතුටින් පිරිලා. -1944 ජූනි 6-
ඈන්ගේ පියාත්,හර්මන් වෑන් පෙල්ස් [Hermann Van Pels] මහතාත් ඔක්තෝම්බර්  දහවෙනිදා වනවිට නෙදර්ලන්තය මිත්‍ර හමුදා අතට පත් වනු ඇතැයි අනුමාන කලහ.  ඔක්තෝම්බර් හෝ සැප්තැම්බර් මාසය වනවිට තමන්ට යලි පාසල් යන්නට හැකි වනු  ඇතැයි මාගෝ අලුත් බලාපොරොත්තුවක්ද පල කලාය.
මෙහි සුරැකිව ඇති අනිත් මතකය වන්නේ  දිනෙන් දින වයසින් හා මනසින් වැඩෙන   නමුදු නිදහස හා සුන්දර ළමාවිය අහිමි වූ තම දියණියන් දෙදෙනාගේ උස මැනීම සඳහා  දෙමාපියන් බිත්තියේ  සළකුණු කල  මේ උස සටහන් කල  ඉරි කීපයයි.
වෙඩි තියන එකටයි,ප්ලේන් වලටයි මගේ හිතේ තියන බය කොච්චරක්ද කියනව නම්  ඒ  සද්ද ඇහෙනකොට හැමදාම මම තාත්තගේ ඇඳට යනවා.ඒක බොළඳ වැඩක් නම් තමයි.ඒ උනාට ඒක  කොයි වගේද කියලා ඔයාට තේරෙන්නේ නෑනේ.ඒ වෙලාවට අපි කතා කරන දේ අපිටම  ඇහෙන්නේ නෑ. -1943 මාර්තු 10-
අන්තර්ජාලයෙන් ලබාගත් රහස්  නිවසේ  ත්‍රිමාණ වීඩියෝ පටය.
http://www.annefrank.org/en/Subsites/Home/