ඈන් ෆ්‍රෑන්ක් සොයා ගියෙමි

1929  ජූනි  12 වෙනිදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මෑන්[Frankfurt Am Main] නගරයේදී  පවුලේ දෙවන දියණිය ලෙස  ඈන් ෆ්‍රෑන්ක් [Anneliese Frank]උපත ලැබුවාය. ඔටෝ ෆ්‍රැන්ක් [Otto Frank] ඇගේ පියා වූ අතර මව එඩිත් ෆ්‍රෑන්ක් හෝලැන්ඩර් [Edith Frank-Hollaender]වූවාය.ඈන්ට වඩා වසර තුනකින් වැඩිමල් ඇගේ සොයුරිය මාර්ගෝ ෆ්‍රෑන්ක්ය[Margot Frank].ඔවුන් යුදෙව් ජාතිකයන් වූහ.

1933 දී  ජනවාරි මාසයේදී  හිට්ලර් ජර්මානු පාලකයා ලෙස බලයට පත්විය.1933 මාර්තු 13 වෙනිදා ෆ්‍රෑන්ක්ෆර්ට් නගර සභාවේ ඡන්දය පැවැත්වූ අතර හිට්ලර්ගේ නාසි පක්ෂය ජනතාවගේ වැඩි ඡන්දයෙන් බලයට පත් වුනි.දිළිඳු කමින් හා රැකියා විරහිත භාවය ඉහල යමින් තිබුණු දුෂ්කර කාලයකට ජර්මානුවන් මුහුණ දෙමින් සිටියහ.මේ තත්වයට වගකිව යුත්තේ යුදෙව්වන් යැයි කියමින් හිට්ලර්  යුදෙව්වන් කොන් කිරීමටත්වද හිංසා කිරීමටත් ආරම්භ කර තිබුණි.විදුලිය කැවූ කම්බි වැටවල් සහිත වෙන් කර තැබීමේ කඳවුරු හෙමින් සීරුවේම ඉදිවෙමින් පැවතුනි.

මෙසේ  යුදෙව්වන්ට එරෙහිව හිට්ලර්ගේ පාලනයෙන් එල්ලවූ දැඩි බලපෑම් හමුවේ ෆ්‍රැන්ක් පවුල ඕලන්ද දේශ සීමාවේ පිහිටි ජර්මන් නගරයක් වූ ආචන්[Aachen] හී පදිංචියට ගියහ. ඒ අතර නෙදර්ලන්තයේ සිය ව්‍යාපාරික කටයුතු ඇරඹීමේ බලාපොරොත්තුවෙන් ඔටෝ ෆ්‍රෑන්ක් ඇම්ස්ටර්ඩෑම් නගරය බලා පිටත්ව ගියේය.

ඒ වසරේම දෙසැම්බරයේ වැඩිමහල් දියණිය  කැටුව ඈන්ගේ මව ආචන් හී සිට ඇම්ස්ටර්ඩෑම් නගරයේ පදිංචියට ගියාය. 1934 පෙබරවාරි මාසයේදී එතෙක් සිය මිත්තණිය හා ආචන් හී සිටි ඈන්ද  මර්වෙඩ්ප්ලේන්හී සිය පවුල  සමඟ එක්වූවාය.රහස් ඇනෙක්සියේ සැඟවෙන්නට යනතුරු ඔවුන් ජීවත් උනේ ඒ නිවසේයි.ඒ වසරේම සිය පාසල් ගමන ඇරඹූ ඈන් සොයුරියගේම පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වූවාය.

කාලය සෙමින් ගෙවී යද්දී 1940 මැයි 10 වනදා රොටර්ඩෑම් නගරයට බෝම්බ හෙලමින් හිට්ලර්ගේ  නාසි හමුදා නෙදර්ලන්තය ආක්‍රමණය කලා.වසර අවසාන වන විට රටේ සියලු පුර වැසියන් ලියාපදිංචි කල පාලකයින් හදුනාගැනිමේ කාඩ් පතක්ද නිකුත් කරන ලදී.යුදෙව්වන්ගේ හදුනාගැනීමේ කාඩ් පතේ ජේ ‘J’ අකුර සටහන් කරන ලදි.

1940 දෙසැම්බර් පලවෙනිදා ඔටෝගේ ව්‍යාපාරික ස්ථානය ප්‍රින්සෙන්ග්‍රාච්ට් 263 ලිපිනයේ ඇති ගොඩනැගිල්ලට ගෙන යන ලදී.පසු කලෙක ඈන් ඇතුලු පවුලට දෙවසරකටත් අධික කාලයක් රහසේ සැඟව සිටින්නට උපකාරී වුයේ මේ කාර්යාලයේ පිටුපසින් තිබූ ඇනෙක්සියයි.

1942 මැයි මාසයේ සිට අවුරුදු හයට වැඩි සෑම යුදෙව් ජාතිකයෙක්ම ඩේවිඩ්ගේ තරුව ලෙස හැඳින්වූ යුදෙව්වා  යනුවෙන් සඳහන් කහ පැහැති තරුවක් පැලදීම අනිවාර්ය කෙරුණි.කොන් කිරීම් ස්ථිර වෙමින්  තිබුනි.

ප්‍රතිචාර 2 (+add yours?)

  1. sansarasidu
    අගෝ. 24, 2010 @ 14:21:22

    අක්කේ ඈන් ෆෑන්ක් මට එතරම් සමීප චරිතයක් නෙවෙයි. මං අදහස් කළේ මං ඈන් ගැන දැනගත්තෙ බොහොම මෑතකදි. ඒකත් මේ සයිබර් අවකාශයේ සැරිසරත්දියි…
    දිගටම ලියන්න මං බොහොම ආසාවෙන් මේ යටගියාව ගැන කියවන්න බලාගෙන ඉන්නවා…

    ඒ යටගියාව සේයාරූ සමඟින්ම අපට ගෙන එන ඔයාට ගොඩක් ස්තූතියි!

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • පෘථිවි
      අගෝ. 25, 2010 @ 00:04:35

      බොහෝම ස්තූතියි..!! මල්ලී ඇවිත් යනවට.
      ඇත්තටම මටත් හිතුනා ගොඩක් දෙනෙක් මේ දේවල් හරියටම දන්නේ නෑ කියලා.
      මම උනත් හැමදේම නම් දන්නේ නෑ තමයි.ඒත් මට යන්න පුලුවන් ලෝකේ තියන වැදගත්, සුවිශේෂී ස්ථාන වල විස්තර ඕනෙම කෙනෙකුට දැන ගන්න පුලුවන් විදියට පින්තූරත් එක්කම මෙහෙම ලියන්න ඕනේ කියලා මම හිතුවා.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: