‘රහස් නිවස හා එහි ජීවිතය’ ලිපියේ පළමු ඡායාරූපයේ ඇති දොරවල් තුනෙන් වම්පස ඇති දොරෙන් ඉහල මාලයට ඇත්තේ පඩි පෙලකි.රහස් නිවසේ නිවැසියන් වෙත ආ ඔවුන්ගේ උදව්කරුවන් පහල මාලයේ සිට ඉහලට නගින්නට පමණක් භාවිතා කල මේ පඩි පෙලෙන් පහල ගබඩාවේ වැඩකරන සේවකයකු නිකමටවත් ඉහල මාලයට විත් මේ කුඩා දොරින් ඇතුලට එබී බලන්නට සිතුවොත්..?? සියලු රහස් එලි වනු ඇත.
ඒ පුංචි දොර පිටි පස්සේ කාමර ගොඩාක් ඇති කියල නම් කවුරුත්ම සැක කරන එකක් නෑ. දොර ඇරපු ගමන් තියන්නේ පුංචි පඩියක්. ඊට පස්සේ පඩිපෙල.-1942 ජූලි 9-
දෙවන මහලට ගොඩ වූ විගස ඉතා පටු කොරිඩෝවේ ඉදිරිපසින් ඈත වූ මේ දොර ඈන්ලා යන විටත් තිබුනේ දෙවන මහලට එන ඕනෑම කෙනෙකුට පෙනෙන ලෙසයි.
දැන් නම් අපේ රහස් නිවස සැබෑම රහසක් වෙලා.මිස්ටර් කුග්ලර්ට තමා ඉස්සෙල්ලම හිතුනේ ගෙදරට ඇතුල්වෙන මේ දොර ඉස්සරහින් පොත් රාක්කයක් හදන්න ඕනේ කියලා.මිස්ටර් වොයිස්කූලර්,බෙප්ගේ තාත්තාවත් මේ රහසට එකතු කරගන්න අපිට සිදුඋනා.එයා තමයි පොත් රාක්කය හදලා ඒක දොරට ඉස්සරහින් හයි කලේ.-1942 අගෝස්තු 21-
ඉන් සති කීපයකට පසුව හදිසියේම පොත් රාක්කයට ඉදිරියෙන් මිටියකින් පහර දෙන හඬක් ඇසෙන්නට විය.සියල්ලන්ම භයෙන් සුදුමැලිව නිහඬව බලා සිටින්නට විය.
ටික වේලාවකින් දොර තල්ලු කරන්න හදන ශබ්දයක් ඇහෙන්න පටන් ගත්තා.අපේ අවසානය ලංවෙලා කියලා මට හිතුනා.ඒත් මොහොතකින් ‘දොර අරින්න ඒ මං ..’කියන මිස්ටර් ක්ලීමන්ගේ කට හඬ ඇහුනා.මට හුස්ම වැටුනේ එතකොටයි.1942-ඔක්තෝබර් 20-
තවත් දිනයකදී උදව් කරුවන් ඉතා අපහසුවෙන් බෝංචි ගෝනි කීපයක් මිලදී ගන්නට සමත්වී තිබුණා.ඒවා මෙතැන සිට ඉහල අට්ටාලයට ගෙනියන්නට භාර වූයේ පීටර්ටයි.
ඉරිලා තිබුනේ නැති බෝංචි ගෝනි එකින් එක උඩට අරගෙන ගිය පීටර්, අවසන් ගෝනියත් අරගෙන පුංචි පඩිපෙළ දිගේ උඩට නැංගා.
ඒත්…පඩිපෙලේ මැදක් හරියේදි ඒ ගෝනිය ඉරිලා දුඹුරු බෝංචි ඇට ගංවතුරක් වගේ,නෑ නෑ හිම කැට වර්ෂාවක් වගේ පඩිපෙළ දිගේ පහලට ගහගෙන ආවා.අපි දෙන්නම ගල් ගැහිලා මොහොතක් බලාගෙන හිටියා.මොකද රාත්තල් පනහක් විතර බර බෝංචි ඇට එක පාරටම බිම වැටෙද්දින් ආපු ශබ්දය පහල මාලයේ අයට අහස කඩාගෙන තමන්ගේ ඔලුව උඩට වැටෙනවා වගේ ශබ්දයක් ගේන බව අපි දෙන්නටම තේරුන නිසා.
ඒත් මොහොතකින් මම හිටපු විදිය දැකලා පීටර්ට හොඳටම හිනා ගියා.බෝංචි ඇට ගොඩාක් මැද්දේ මම හරියට හිටගෙන හිටියේ මුහුද මැද දූපතක ඉන්නවා වගේයි.-1942 නොවැම්බර් 9-
අගෝ. 25, 2010 @ 02:23:56
ඉතින් ඊට පස්සෙ…
අගෝ. 25, 2010 @ 18:36:07
හා හා ඉන්න ඉන්න.
ඇත්තම කිව්වොත් ලියලා ඉවර වෙනකන් මටත් දැන් හරිම හදිසියක් තියන්නේ.