අර දොරෙන් ඇතුලට ආපු ගමන් අට්ටාලයට නගින පඩිපෙලත් එක්කම තියන අඳුරු පාට දොර ඇරෙන්නේ ෆ්රෑන්ක් පවුලේ නිදන කාමරයටයි.
මුලින්ම එහි සිටියේ ඈන්ගේ දෙමාපියන් පමණක් වූවත් මාස හතරකට පසුව නොවැම්බර් මාසයේදී ෆ්රිට්ස්z ෆෙෆර් [Fritz Pfeffer]රහස් නිවසට පැමිණීමෙන් පසුව මාගෝද මේ කාමරයට නිදන්නට පැමිණියාය.
ජනේලයේ වීදුරු කළු කල මේ අඳුරු කාමරයේ 1944 ජූනි 6දා මිත්‍ර හමුදා නෝමැංඩිය ආක්රමනය කරමින් සිදුකල ගොඩ බැසීම ගුවන් විදුලියෙන් ඇසූ වේලේ ඈන්ගේ පියා ඔටෝ ෆ්රැන්ක් බිත්තියේ ගැසූ මේ සිතියම තවමත් සුරැකිව ඇත.
බොහෝ කාලයක් සිදුවනු ඇතැයි බලා සිටි ආක්රමනය සිදුවී ඇත.දිනපතා ගුවන් විදුලියෙන් ඇසුණු තොරතුරු වලට අනුව මිත්‍ර හමුදා දිනෙන් දින ඉදිරියට ඇදෙන නගර මත පාට ඇණ ගසමින් ඔවුහු නැවත වරක් ජීවිතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු දල්වා ගන්නට ඇත.මේ ප්‍රවෘත්තිය ඇසූ ඈන් බොහෝ සතුටට පත් වූවාය.
අපේ ගෙදර ලොකූ කලබලයක්.මෙච්චර කල් වෙයි කියලා බලා ගෙන හිටපුදේ සිදුවීම ඇරඹිලා.මේ සිදුවීම් වල අවසානය ඇත්තටම සුරංගනා කතාවක් වගේ වෙයි.ආදරණීය කිටී ඔයාට තේරෙන්නේ නෑ, යාළුවෝ ලඟ ලඟම එනවා කියන නිදහස පිළිබඳ හැඟීම කොයි තරම් සුන්දරයිද කියනව නම් මගේ හිත සතුටින් පිරිලා. -1944 ජූනි 6-
ඈන්ගේ පියාත්,හර්මන් වෑන් පෙල්ස් [Hermann Van Pels] මහතාත් ඔක්තෝම්බර් දහවෙනිදා වනවිට නෙදර්ලන්තය මිත්‍ර හමුදා අතට පත් වනු ඇතැයි අනුමාන කලහ. ඔක්තෝම්බර් හෝ සැප්තැම්බර් මාසය වනවිට තමන්ට යලි පාසල් යන්නට හැකි වනු ඇතැයි මාගෝ අලුත් බලාපොරොත්තුවක්ද පල කලාය.
මෙහි සුරැකිව ඇති අනිත් මතකය වන්නේ දිනෙන් දින වයසින් හා මනසින් වැඩෙන නමුදු නිදහස හා සුන්දර ළමාවිය අහිමි වූ තම දියණියන් දෙදෙනාගේ උස මැනීම සඳහා දෙමාපියන් බිත්තියේ සළකුණු කල මේ උස සටහන් කල ඉරි කීපයයි.
වෙඩි තියන එකටයි,ප්ලේන් වලටයි මගේ හිතේ තියන බය කොච්චරක්ද කියනව නම් ඒ සද්ද ඇහෙනකොට හැමදාම මම තාත්තගේ ඇඳට යනවා.ඒක බොළඳ වැඩක් නම් තමයි.ඒ උනාට ඒක කොයි වගේද කියලා ඔයාට තේරෙන්නේ නෑනේ.ඒ වෙලාවට අපි කතා කරන දේ අපිටම ඇහෙන්නේ නෑ. -1943 මාර්තු 10-
අගෝ. 25, 2010 @ 16:20:45
මේ බ්ලොග් එක අදයි මම දැක්කේ.
මම කැමතිම ලයින් එකක ඔයා ලියන්නේ.
ඉස්සෙල්ලාම පරණ පෝස්ට් කියවලා එන්නම්.
අගෝ. 25, 2010 @ 18:35:36
මම මේක ලියන්න පටන් අරගෙන තාම දවස් හතරයි.
ඔව් කියවලා බලන්නකෝ.
බොහෝම ස්තූතියි..!! ඇවිත් යන්න ආවාට
අගෝ. 25, 2010 @ 19:46:16
මීට අවුරුදු ගණනාවකට කලියෙන් අහම්බෙන් වගේ අපූරු පොතක් මගේ අතට පත් වුණා.. “අපරාජිත බිස්මාකය”… එදා මං හරි ආසාවෙන් ඒ පොත කියෙව්වා.. හිට්ලර් එදා ඉඳලම මට පෙන්නන්න බැරි චරිතයක් වුනත් ජර්මානුවන් ගැන අළුතෙන් හිතන්න මේ පොත මාව පෙළඹෙව්වා… එදා මගේ හිතේ ඇතිවුණේ මොනවගේ හැඟීමක්ද කියල මට මතක නැහැ… ඒත් එක දෙයක් පැහැදිලියි… ඒ කාලේ ජර්මානුවන් අනෙක් ජාතීන්ට වඩා සෑහෙන්න ඉදිරියෙන් හිටියා කියන එක… විශේෂයෙන් තාක්ෂණය පැත්තෙන්… කෙතරම් ප්‍රහාර එල්ල කළත් බිස්මාකය ගිල්වා දමන්නට මිත්‍ර හමුදාවලට නොහැකි වුණෙත් ඒ නිසා වෙන්ඩ ඇති… අවසානයේ සිය තාක්ෂණික රහස් රැක ගන්නට ජර්මානුවන් විසින්ම පුපුරණ ද්‍රව්‍ය සවිකොට බිස්මාකය ගිල්වා දැමුවා… ජේම්ස් කැමරන් පසු කලෙක අපරාජිත බිස්මාකයෙ රහස සොයා යනු ඩිස්කවරි නාලිකාව තුළින් දුටු මගෙ සිත නැවතත් උද්දීපනය වුණා…
හිට්ලර්ගේ තිරිසන් V2 රොකට්ටු නිර්මාණයට දායකත්වය සැපයු ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් මිත්‍ර හමුදා බාරයට පත් වීමෙන් පසුව ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙලේ පුරෝගාමී මෙහෙයක් කරමින් මිනිසා සඳ මතට ගෙන යනවා….
ඒ දවස්වල මං ඒ තොරතුරු කියැවුයේ හරිම ආසාවකින්… දැන් අක්කගෙ මේ සටහන් පෙළ කියවන්නෙත් ඊට නොදෙවෙනි ආසාවකින්….
අගෝ. 28, 2010 @ 16:26:09
‘අපරාජිත බිස්මාකය’ පොත නම් මම කියවලා නැහැ.
ඔව් ඇත්තටම තාක්ෂනය පමණක්ම නෙවේ ඔවුන් සිර කඳවුරු තුල සිටි මිනිසුන් යොදාගෙන කල වෛද්‍ය පරීක්ෂන නිසා වෛද්‍ය විද්‍යාත්මක අතිනුත් ඉදිරියෙන් ඉන්න ඇති.ඔවුන් එසේ පරීක්ශන කල බවට සාධක පෙන්වන උපකරණ විශාල ලෙස ඇති නැරඹුම් කුටි කීපයක්ම සහිත රඳවා ගැනීමේ කඳවුරක් තමා Oranienburg- Sachsenhausen කඳවුර.මේ ලිපි වලින් පස්සේ ලියන්න හිතාගෙන ඉන්නේ ඒ කඳවුර ගැන විස්තර ටිකක්..
ස්තූතියි..!! මල්ලී
අගෝ. 25, 2010 @ 20:22:38
අර ත්‍රිමාන දසුන් පෙළ හරි අපූරුයි නෙව…
ස්තුතියි ඔබට
අගෝ. 26, 2010 @ 21:26:54
හ්ම්ම් ඇත්තටම ඒ ත්‍රිමාන දසුන් පෙළ නම් අපූරුයි තමයි. හරියටම ඒ ගේ ඇතුලේ ඇවිදිනවා වගෙයි.
ඒත් දැන් නම් ඉදිරිපස ජනේලුත් කළු පාටින් අඳුරු කරලයි තියන්නේ.
අගෝ. 26, 2010 @ 04:22:16
nice post…..
අගෝ. 26, 2010 @ 21:21:49
Thank you..!! Shadow
අගෝ. 26, 2010 @ 10:49:03
නියමයි මුල ඉඳන්ම කියෙව්ව.
ඈන් ප්රෑන්ක්ගෙ දිනපොත පුංචි කාලෙ පුවත්පතක කොටස් වශයෙන් පළවෙද්දි කියෙව්වට දැන් මතකෙන් ඈත් වෙලා.
දිගටම ලියන්න. ඔබට ජය !
අගෝ. 26, 2010 @ 21:22:32
බොහෝම ස්තූතියි..!! “`Outsider“`
අගෝ. 27, 2010 @ 07:55:35
ඔබ කරන මේ කාර්ය ඉතා අගනේය. ඇත්තෙන්ම මමත් ඈන් ෆ්රෑන්ක් ගැන පෝස්ටයක් ලිවීමට සිතා සිටියෙමි. නමුත් මට වඩා ඉතා හොඳින් ඔබ මේ කාර්ය කරමින් සිටින බව පෙනේ. ඔබ කරන මේ දෙය වටින්නේ අපේ බාල පරම්පරාවන් මෙවැනි දේ ගැන කිසිත් නොදන්නා බැවිනි. ඔවුන් ජාතිවාදයට ආ වඩන්නේ එබැවිනි. මෙවැනි අන්තවාදයන් නිසා සිදු වෙන විනාශය ගැන ඔවුන් දැනුවත් කළයුතුව ඇත. ඔබට සුබ පැතුම්.
අගෝ. 28, 2010 @ 22:04:36
ඔව් බලමු..!!
කවුරු උනත් මේ ලියන දේවල් කියවලා තමන් නොදන්නා දෙයක් අලුතෙන් ඉගන ගන්නවට මම කැමතියි.
මම නම් කැමති ඇත්තටම ඔබත් ඒ හිතාගෙන හිටපු විදියට ඈන් ෆ්රැන්ක් ගැන පෝස්ට් එක ලියනව නම්.
සොෆී ෂෝල් ගැන ඔබ ලියා ඇති කරුණු ඉතාමත් හොඳින් ඈන් ජීවත් උන පරිසරයත් එක්කත්, මේ සිද්ධීන් එක්කත් ගලපන්න මට වඩා හොඳින් ඔබට පුළුවන් වේවි.
ඒ නිසා ඔබ ඒක මඟ නොහරිවි කියලා මම හිතනවා.
ඔබට බොහෝම ස්තූතියි..!! මේ ලියන දේවල් කියවලා යන්න එනවටත්.
සැප්. 03, 2010 @ 18:28:20
මම කියවපු ,නිමාවක් නොතිබුන, ඒත් මගෙ හිතේ අමුතු හැඟීම් ගොඩක් විටෙන් විට ඇති කරපු ,ඈන්ගේ දින පොත වචන ටිකකින් සංශිප්ත කරන අයුරු අපූරුයි.ඔබට ජය.
සැප්. 06, 2010 @ 00:56:42
ඇත්ත මෙහි නිමාවක් නෑ.ඒත් හැම තැනම කඳුලු තියනවා.
නොපෙනෙන,අතින් අල්ලන්නට බැරි..,
ඒත් කොහොමදෝ දැනෙන..
ඒක තේරුම් කරන්න බෑ.
බොහෝම ස්තූතියි…!!