අවසානයේ ඇරඹුම

එදින ගෙස්ටාපෝ මූලස්ථානයේ සිර මැදිරියක රඳවාගෙන සිටි රහස් නිවසේ නිවැසියන් අට දෙනා පසුදින ඇම්ස්ටර්ඩෑම් නගරයේ වීටරින්ෂන්ස් [Weteringschans] හී පවත්වාගෙන ගිය සිරමැදිරියක රඳවා තැබීම සඳහා රැගෙන යන ලදී.
-1944 අගෝස්තු 08-වනදා සිරමැදිරියෙන් පිටතට ගත් සියලු දෙනාම ඇම්ස්ටර්ඩැම් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත ගෙන එන ලදී.සමූල ඝාතනයන් සඳහා විශේෂයෙන්ම සකස් කර තිබූ ඝාතන කඳවුරු කරා රැගෙන යන තුරු යුදෙව් ජාතිකයින් තාවකාලිකව රඳවා තැබූ නෙදර්ලන්තයේම බොහෝ උතුරින් පිහිටි වෙස්ටර්බෝර්ක් [Westerbrok] අතරමැදි කඳවුර වෙත ඔවුන් රැගෙන යන ගමනට සූදානම් දුම්රිය ඒ වන විටත් දුම්රිය වේදිකාව මත විය.
අපි ගියේ සාමාන්‍ය මගී දුම්රියකින්.දුම්රියේ දොරවල් යකඩ ඇණ දාලා පාස්සලා තිබුණා.ඒත් ඇත්තටම ඒක අපිට කොහොමත් ප්‍රශ්නයක් උනේ නෑ.මොකද අපේ මුළු පවුලම හිටියේ එකට.අපිට කෑම බීම වගේ දේවලුත් දීල තිබුණා.අපි දැනගෙන හිටියා දැනට අපි මේ කොහෙද ඉන්නේ කියලා.අපිව අත් අඩංගුවට අරගෙන කියන එක ගැන නොසලකා හැරියොත් මේ ගමන හරියට අපි පවුලේ ඔක්කෝමත් එක්ක කොහේ හරි යනවා වගේ උනා. එලෙසින් එකට සිටීමට පුළුවන් වීම ගැන නම් ඇත්තටම අපි ප්‍රීතිමත්ව හිටියා.නමුත් මම මේ ගමන සන්සංදනය කලේ අපට ඊලඟට යන්න සිදුවුන ගමනත් එක්කයි.
ඈන් කොයිම වෙලාවකවත් ජනේලය ළඟින් අයින් වෙන්න කැමති උනේ නැහැ.පිටත සොඳුරු ගිම්හානය. කොළ පැහැති තණ බිම්,පෙනෙන තෙක් මානයේ වූ ඉපනැලි බිම්,ගම්මාන අපිට පසුවෙනවා අපි දැක්කා.ඒ යන ගමනේදී නිරන්තරයෙන්ම දුම්රියේ ජනේලයෙන් පෙනුණ ඉහල පහල ගිය දුරකතන රැහැන් හරියටම නිදහස වගෙයි. -ඔටෝ ෆ්‍රෑන්ක්-The footsteps of Anne Frank-
කැඳවීම් නොතීසි වලට නොපැමිණ සිටි අය ලෙස ගනන් ගැනුණු බැවින් ඔවුන් සියල්ලන්ම යැවුනේ සිරකුටි වෙතයි.සැප්තැම්බර් 03 වනදා වෙනතුරු මාසයකට ආසන්න කාලයක් ඔවුන් ජීවත් වූයේ එම සිරකුටි තුලය.
-1944 සැප්තැම්බර් 03 -වනදා ඔවුන් අටදෙනා සමඟ තවත් සිරකරුවන් දහසක් වෙස්ටර්බොර්ක් අතරමැදි කඳවුරේ සිට පෝලන්තයේ අවුස්ච්විට්-බීර්කනෝ [Auschwitz-Birkenau] සමූල ඝාතන කඳවුර වෙත යැවුණු අවසාන දුම්රියෙන් පිටත් කර හරින ලදී.

ඔටෝ ෆ්‍රෑන්ක් ඇතුළු පවුලේ සිව් දෙනා සැප්තැම්බර් 03 වනදා එලෙස අවුස්ච්විට්-බීර්කනෝ කරා පිටත් කර හැරි බවට සඳහන් නාම ලේඛනය.(අංක 306 සිට 309)

දින දෙකක අතිශය වෙහෙසකර ගමනකින් පසුව -1944 සැප්තැම්බර් 05 වෙනිදා පාන්දර 2.00ට අවුස්ච්විට්-බීර්කනෝ වෙත පැමිණි  ඔවුන්ව දුම්රිය වේදිකාවේදීම තේරීමකට ලක් කෙරුණි. වැඩ කල හැකි,ශක්තිමත් අයට ජීවත් වීමට ලැබුණු අතර ,වයස අවුරුදු පහළවට අඩු ළමුන් ඇතුළු අනිත් සියළුම දෙනා පසුදිනම ගෑස් කාමර වලට යවනු ලැබ මරා දැමුණි. වයස අවුරුදු පහළව පසුකර තිබුණු නිසා ඈන් එදින යාන්තමින් ජීවිතය රැකගන්නට සමත් වූවාය.
කඳවුරේ තත්වය ඉතා අවාසනාවන්ත විය. සිරකරුවන්ට ආහාර සුලභ නොවූ අතර,ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නටත්  කිසිදු හැකියාවක් නොතිබුණි.දහවල් කාලය පුරා වෙහෙසී වැඩ කරන්නට සිදුවූ අතර,කුසගින්නෙන් හා ලෙඩ රෝග වලට ගොදුරු වීමෙන් දිනපතාම දහස් ගනනක් මිය ගියහ.ඊට අමතරව තෝරා ගැනුණු කණ්ඩායම් ගෑස් කාමර වෙත යවා මරා දැමුණි.ජීවිතය රැකගැනීම පිළිබඳව කිසිවෙකුට විශ්වාසයක් නොතිබුණි. හැම දවසක්ම අවසාන දවස විය හැකිව තිබුණි.

ඔවුන්ගේ උදව් කරුවන් වූ ජොහෑනස් ක්ලෙයිමන් [Johannes  Kleiman] හා වික්ටර් කූග්ලර් [Viktor Kugler] දෙදෙනා  සැප්තැම්බර් 11 වනදා ඇම්ස්ටර්ඩෑම් හී සිට අමර්ස්ෆූර්ට්[Amersfoort]දේශපාලන සිරකඳවුර වෙත යැවුණු අතර  ජොහෑනස් ක්ලෙයිමන් ගේ දුර්වල සෞඛ්‍ය තත්වය මත  -1944 සැප්තැම්බර් 18- වෙනිදා ඔහුව කඳවුරෙන් නිදහස් කරගන්නට රතුකුරුස සංගමය සමත් විය.-1945 මාර්තු 28-වනදා කණ්ඩායම් පරීක්ශා කිරීමක් අතරතුරදී කදවුරෙන් පලා යන්නට සමත් වන වික්ටර් කූග්ලර් යුද්ධය අවසන් වන තුරු සැඟවී සිට ජීවිතය රැකගන්නට සමත් විය.

මේ සේයාරූ දෙක  අන්තර් ජාලයෙන් ලබාගත් ඒවාය.

ප්‍රතිචාර 4 (+add yours?)

  1. sansarasidu
    අගෝ. 31, 2010 @ 18:58:28

    අහෝ දෙවියනි…. ඒ අසරණයන් කළ එකම වරද යුදෙව්වන් වීම පමණයි !

    ප්‍රති-පිළිතුරු සැපයීම

  2. ```Outsider```
    සැප්. 01, 2010 @ 06:44:50

    මෙහෙමත් කුරිරු කමක්…

    ප්‍රති-පිළිතුරු සැපයීම

  3. Charmi
    සැප්. 05, 2010 @ 17:55:40

    “දුම්රියේ ජනේලයෙන් පෙනුණ ඉහල පහල ගිය දුරකතන රැහැන් හරියටම නිදහස වගෙයි.”
    කදිම යෙදුමක් නේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම

    • ඇසි දිසි
      සැප්. 06, 2010 @ 01:30:55

      ඔව් ඇත්තමයි මම පුදුම උනා මේ වගේ වෙලාවකදි ඔහුට ඇයි මෙහෙම දෙයක් හිතුනේ කියලා. බොහෝ දෙනෙකුට වඩා ඒ පවුල වාසනාවන්තයි.සියලු දෙනාටම එකට සැඟවී සිටින්නට ඔවුන්ට හැකි වුනා.යන්නේ කොහෙද කියලා ඔවුන් දැනගෙන හිටියා.අවසානය මේ තරම් දරුණුයි කියලා අද අපි දන්නවා උනත්,මේ මොහොතේදී ඔහු එහෙම හිතලවත් තියෙන්න නැතුව ඇති නේ ද..?
      අනිත් අතට වසර දෙකක් නිවසක සිරවී සිටි කෙනෙකුට,සීතලෙන් ගල් ගැහුණු රටක වැසියෙකුට මේ කියන උණුසුම් ගිම්හානය ඇත්තටම සුන්දරයි.
      ඡේදය අවසානයේදී ඔහුම කියනවා ඔහු ඒ ගමන සැසඳුවේ අවුස්ච්විට්-බීර්කනෝ කරා බඩු ප්‍රවාහනය කල දුම්රියකින් යන්න සිදු උනු තමන්ගේ ඊළඟ ගමනත් එක්කයි කියලා.
      චිත්‍රපටිය බලන්න.ඒ ගමනේදී දුම්රිය මැදිරියේ අර අඬන දරුවා ඉන්නේ තනිවම නේද?
      දෙමාපියන් තමන්ගේ දරුවන් බේරා ගන්න තැන සැඟවුවාලු.(නිර්නාමික ඔත්තුවෙත් බලන්න දරුවන් දෙදෙනෙකු ගැනයි සටහන් වෙන්නේ.පවුලක් නෙවේ.)
      එහෙම ඉදලා අහු උනාම ඔවුන් තමන්ගේ ඉරණම කරා තල්ලු කරන ඕනැම තැනකට යන්න ඕනේ තනිවම.නමුත් මේ වනතෙක් ෆ්‍රැන්ක් පවුලම හිටියේ එකට.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

<span>%d</span> bloggers like this: