දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ව්‍යාපාරික ස්ථානයක් ලෙසම පවත්වාගෙන ගිය ප්‍රින්සන්ග්‍රාච්ට් 263 නිවස එක්දහස් නවසිය පනස් ගනන් වන විට භාවිතයට ගත නොහැකි තත්වයට පත්වන්නට පටන් ගෙන තිබුණි.කඩා ඉවත් කලයුතු බවට නිර්දේශ වූ නිවස රැක ගැනීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වූ අතර..ඔටෝ ෆ්‍රෑන්ක් හා එක්වූ ඔවුන් ගේ දැඩි කැපවීම නිසාම කෞතුකාගාරයක් ලෙස සකස් කල නිවස 1960 මැයි 3 වනදා මහජනයා සඳහා විවෘත විය.ඈන් ෆ්‍රෑන්ක් දිනපොතේ ලියු සටහන් සමහරක්, බිත්තිවල ලියා ඇති ප්‍රදර්ශනය ආරම්භ වන්නේ මේ සටහනින් හා ඈන්ගේ අවසන් ඡායාරූප යැයි සැලකෙන මේ සේයාරූ හතරෙනි.


ඈන් ගේ දින පොතේ මුල් පිටපත සමඟ දෙවන ලෝක යුද්ධයේ සිහිවටන එකතු කල ප්‍රදර්ශනයක්ද,එකල සිර කඳවුරු වල සිට දිවි ගලවා ගත්තවුන් හා සිදුකල සම්මුඛ පරීක්ෂන කීපයක විඩියෝ පටද එහි ඇත.
1960 මැයි 03 වනදා කෞතුකාගාරය විවෘත කිරීමට පෙර ඉහල මාලයේ බඩු කාමරයේ සිටින ඔටෝ ෆ්‍රෑන්ක්.
මේ වගේ ඇලක් අයිනේ තියන ගෙදරක අඳුරු පාට දොරෙන් ඇතුලට ගියාම මේ තරම් ලොකු ඉඩකඩ තියන කාමර ඇති කියලා මෙතෙන්ට එන කෙනෙක් නම් කීයටවත් හිතන්නේ නැතිවෙයි.-ඈන් ෆ්‍රෑන්ක් -1942 ජූලි 09-
ඇය සඳහන් කරන නිවස ඉදිරිපසින් ගලායන ඇල හා නිවසේ දොරකඩ සිට අවට පෙනෙන අයුරු.




ඈන් ෆ්‍රෑන්ක් සිය දින පොතේ ලියා ඇති වසර 80ක් පමණ වූ චෙස්නට් ගස -2010 අගෝස්තු 23 වනදා- කඩා වැටුණා.
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...
ආශ්රිත ලිපි
ඔක්. 23, 2010 @ 19:51:31
interesting effort…
ජන. 13, 2014 @ 14:50:26
Thanks
ජූලි 07, 2011 @ 10:57:55
බොහොම සිත් ඇදගන්නා සුළු බ්ලොග් අඩවියක් වගේම ලිපියත්, එහි පින්තූරත් ආකර්ශනීයයි. ඔබට මගේ සුභ පැතුම්…
ජන. 13, 2014 @ 14:50:40
ස්තූතියි බොහොම..!